සංගා ලෝකයේම අවධානයට – එංගලන්තයේ ක්‍රීඩාංගනයක කොටසක් මිලට ගනියි

483

අපේ රටෙන් බිහිවුණු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි කුමාර් සංගක්කාර කියන්නේ.ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල “ලෝඩ්ස් ක්‍රීඩාංගනය”. ඕනෑම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ලොකුම හීනය තමයි ලෝඩ්ස් පිටියේ ක්‍රීඩා කරන එක.

කුමාර සංගක්කාර කියන්නේ ලෝඩ්ස් පිටියේ අමරණිය මතකයන් එකතු කල ක්‍රීඩකයෙක්.සංගා ගැන මේ වෙද්දි ලෝකයම කතා කරන්න පටන් අරන්.ඒ මතකයන් වැඩි කරමින් ලෝඩ්ස් පිටියේ අමරණීය පුද්ගලයෙක් වෙන්න සංගාට පුළුවන් වුණා.ඒ ලෝක පූජිත ක්‍රීඩාංගණයක් වන ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටසක් සංගා විසින් මිලදී ගෙන ඇති බවට පැතිරෙන ආරංචියත් සමඟ.

එම වාර්තාවල දැක්වෙන්නේ එම ක්‍රීඩාංගණයේ කොටස් ක්‍රීඩකයන්ට මෙන්ම ප්‍රෙක්ෂකයන්ටද මිලදීගත හැකි බවයි.ඒ සඳහා ගෙවිය යුතු පවුම් 500 ක්.ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන මෙම අවස්ථාව හිමිකරගත් ප්‍රථමයා විදිහට සංගා ඉතිහාසයට එක්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.