ගොසිප්

මෝටර් රථය දුම්රියේ ගැටෙයි – මවට සහ දියණියට බරපතලයි (CCTV)

කැලණිවැලි දුම්රිය මාර්ගයේ මීගොඩ පැල්පොලවත්ත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගිය මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන්  මෝටර් රථයෙහි ගමන් ගත් මවක සහ දියණියක  බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

Loading...

දුම්රියේ ගැටුණු මෝටර් රථය මීටර් සියයක පමණ දුරක් ඇදී ගොස් ඇතැයි ද පොලිසිය කියයි.

මෙම ස්ථානයේ දුම්රිය ගේට්ටු ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මේ වන විට දැඩි අනාරක්ෂිත තත්වයක් නිර්මාණය වී තිබේ.දුම්රිය මාර්ගය අනාරක්ෂිත බව හැඟවෙන කුඩා කුඩා දැන්වීම් පල කර තිබුණද ඒවා කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ප්‍රදේශවාසී ජනතාව පවසති.

මීට පෙර අවස්ථා කිහිපයකදීද මෙම ස්ථානයේදී දුම්රියෙන් අනතුරු සිදුව ඇති අතර දැන් හෝ ස්ථිර විසැඳුමක් නොකළහොත් විශාල අනතුරක් සිදු විය හැකි දිනය වැඩි ඈතක නොවන බවට ප්‍රදේශවාසීහූ බිය පල කරති. ගේට්ටු මුරකරුවන් තිදෙනෙකු මුලදී මෙම ස්ථානයේ සේවය කර ඇති අතර පසුව ඔවුන්ගේ වැටුප් සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී තත්වයක් හේතුකරගෙන වරින් වර එම පුද්ගලයන් ඉවත්ව යෑමත් සමඟ මෙම තත්වය නිර්මාණයවූ බව ප්‍රදේශවාසීහූ පෙන්වා දෙති.

මේ පිළිබඳ බලධාරීන් කොතෙක් දැනුවත් කළද මෙතෙක් නිසි පිළියමක් ලැබී නැති බවද ඔවුහු පවසති.

Loading...

මෝටර් රථය දුම්රියේ ගැටෙන ආකාරය අසල වෙළඳසලක තිබූ  සීසීටීවී දර්ශනවල සටහන් වී තිබිණි.

Related Posts