ගොසිප්

අනුරාධපුරේ ඉස්කොලෙක ලොකු අක්කලා පොඩි නංගිලාට දුන්න සුපිරි ගේම

වැඩිමහල් ශිෂ්‍යාවන් පිරිසක් එම විද්‍යාලයේම ඉගෙනුම ලබන කුඩා ශිෂ්‍යාවන්ගේ රනින් නිමකළ කරාබු පාසල් වේලාවේදී බලහත්කාරයෙන් කොල්ලකන අනුරාධපුර නගරය ආසන්නයේ ප්‍රධාන පෙළේ පාසලක් පිළිබඳව දෙමාපියන් පිරිසක් අනාවරණය කළහ.

Loading...

මීට සති දෙකකට පමණ ඉහතදී මෙම සිද්ධිය විද්‍යාලය තුළ සිදු වී ඇතත් එවැනි සිදුවීමක් සිදු නොවූ බවට ඒත්තු ගැන්වීමට විද්‍යාලයීය පරිපාලනය අසාර්ථක උත්සාහයක නිරතවන බවද ඔවුහු සඳහන් කළහ.

කරාබු කොල්ලය පිළිබඳව විද්‍යාලයේ පරිපාලනයට පැමිණිලි ඉදිරිපත් කරනු ලැබුවත් ඔවුන් කිසිදු සාධාරණ පරීක්ෂණයක් සිදු නොකිරීම නිසා මේ පිළිබඳව මාධ්‍ය මගින් සෙසු දෙමාපියන් දැනුම්වත් කිරීමට කටයුතු කරන බව ඔවුහු පැවැසූහ.

පාසල් ගොස් නිවසට පැමිණි සිය දියණියන්ගේ කානේ පලඳා තිබූ රන් කරාබු නැතිවීම සම්බන්ධයෙන් දිගින් දිගටම සිදුකළ ප්‍රශ්න කිරීමේදී පාස‍ලේ අක්කලා පිරිසක් බලහත්කාරයෙන් කරාබු ගලවා ගත්බව දරුවන් පැවැසූ බව ඔවුන් පැවැසූහ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ දෙමාපියන් පිරිසක් පාස‍ලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන සිසුවියන් දහයකට වැඩි පිරිසක් මෙම සිද්ධියට පසුගිය සති කිහිපයේ මුහුණ පා තිබෙනවා. පාස‍ලේ පරිපාලනය හරි කරාබු බලහත්කාරයෙන් කොල්ල කෑ වැඩිමහල් සිසුවියන් හරි දරුවන්ට තර්ජනය කර තිබෙනවා.

Loading...

කරාබු ගැලවී වැටුණ බව දෙමාපියන්ට කියන්න කියලා. දරුවෝ ඇවිල්ලා කිව්වේ කරාබු ජෝඩුව ගැලවිලා වැටුණා කියලා.

නමුත් දිගින් දිගටම කරපු ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් කිව්වා අක්කලා වගයක් ඇවිල්ලා අපේ කරාබු ගලවා ගත්තා කියලා. දරුවන්ගේ කනට දාලා තිබ්බ කරාබුවල වටිනාකම රුපියල් පනස් දහසකට වැඩිබව අපි අනාවරණය කර ගත්තා.

දැන් කරාබු ජෝඩුවක් රුපියල් හය දහසක් පමණ වෙනවා.දරුවන් බය කරලා උඹලා අපි ගැන කිව්වොත් ආපහු ස්කෝ‍ලේ එන්න දෙන් නෑ කියලා.

ගෙදර ගිහිල්ලා අම්මලට කියපල්ලා කරාබු වැටුණා කියලා යනුවෙන් බයකරලා තිබ්බා. දරුවෝ පිරිසකගේ එකවර කරාබු නැති වෙන්න විදියක් නෑ. මේ ලොකු ළමයි දරුවන් පාසලට අරගෙන යන බස් ගාස්තුව කෑම එකේ සල්ලි පවා පැහැර ගන්නවා.

අපි දන්නවා ඒ සිසුවියෝ මොකටද මේවා කොල්ල කන්නේ කියලා. පාසල තුළ සාද පවත්වන්න බිර අරගෙන එන්න. පෙම්වතුන්ට තෑගි බෝග හා මත්පැන් අරගෙන දෙන්න.

පාසල් පරිපාලනය වහාම මේ සිසුවියන් ගැන හොයලා විනය ක්‍රියා මාර්ග හරි නීතිමය ක්‍රියා මාර්ගයක් හරි ගත්තේ නැත්නම් අපි අධ්‍යාපන අමාත්‍යාංශයට මේ අකටයුතුකම් සම්බන්ධයෙන් ලිඛිතව දන්වනවා.

පාසල ඇතුළේ කොල්ලකාරියෝ ඉද්දි අපි කොහොමද දරුවන්ව බයක් සැකක් නැතුව පාසලට යවන්නේ යනුවෙන් ඔවුහු වැඩිදුරටත් පැවැසූහ.

Related Posts