මළ ගෙදරක කාඩ් සෙල්ලම් කරමින් සිටි අයෙකුට පොලිසියෙන් වෙඩි තබයි – ප්‍රදේශවාසීන්ගෙන් පොලිසියට චෝදනා

1121

ඌරගස්මංහන්දිය –  කළුවල ප්‍රදේශයේ දී වැටලීමක් සඳහා ගිය පොලිස් නිලධාරීන් පිරිසකගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් සැකකරුවෙකු මියගොස් තිබෙනවා.මුදල් ඕට්ටුවට සූදු ක්‍රීඩා කරමින් තිබූ ස්ථානයක් වැටලීමකට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

වැටලීම අතරතුරදී සැකකරුවන් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් තියුණු ආයුධවලින් පහර දී ඇති බව සඳහන්.එම අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු සතු ගිනි අවියක් කොල්ලකෑමට සැකකරුවෙකු උත්සාහ දරා ඇති අතර එහිදි එම ගිනි අවිය ක්‍රියාත්මක වී ඇති බවයි වාර්තා වන්නේ.වෙඩිවැදීමෙන් මියගොස් ඇත්තේ කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙක්.නමුත් ප්‍රදේශවාසින් චෝදනා කරන්නේ සිවිල් පිට පැමිණි පොලිසිය කාඩ් සෙල්ලම් කරමින් සිටි අයට වෙඩි තැබූ බවයි.

මෙම අවස්ථාවේ පටිගතකල වීඩියෝ දර්ශන පහතින් නරඹන්න