රජ මඟුල් ඒත් එන අයට කන්නත් නැ – මෙන්න හැරී කුමරු හා ඇමෙරිකන් නිළි මෙගන්ගේ රාජකීය මංගල්‍යය

1252

මේ දිනවල බ්‍රිතාන්‍යයේ සියලුම පුවත්පත්වල අවධානය යොමු වී ඇත්තේ එකම දෙයකටය. පත්‍රය කුමක් වුවත් ප්‍රධාන මාතෘකාව කාටත් පොදුය. ඔවුන් දිවා රෑ ලියන්නේ කතා කරන්නේ බි්‍රතාන්‍යයේ ඔටුන්න හිමි පස් වැන්නා හැරී කුමරු හා ඇමෙරිකන් ටෙලි නාට්‍ය නිළි මෙගන් මේකල් අතර සිදුවන රාජකීය මංගල්‍යය ගැනය.

ලබන මැයි 18දා මහ රැජනගේ වින්ඩ්සර් එඑච්ඉ මාලිගාවේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී හැරී කුමරු හා මේගන් මාකල් අතර විවාහය සිදුකරනු ලබන්නේ බි්‍රතාන්‍යයේ ප්‍රධානතම දේවගැතිතුමා වන කැන්ටබරියේ ආචි බිෂොප් ජස්ටින් වෙල්බි උතුමාණන් විසිනි.

හැරී කුමරුගේ මාමා හා ළඟදී ලංකාවට පැමිණි එඩ්වඩ් කුමරු විවාහ වූයේත් චාර්ල්ස් කුමරු හා කැමිලා බෝල්ස් යුවළ විවාහ ආශිර්වාද ලබා ගත්තේත් මෙම ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදීය.

හැරී කුමරු හා මෙගන්ගේ විවාහ මංගල්‍යය උත්සවය දවල් 12ට පටන් ගන්නා අතර විවාහයේ සියලු චාරිත්‍ර ඉටු කිරීම හා දේව මෙහෙය පැයකින් පමණ අවසන් වීමට නියමිතය.

මෙම විවාහ මංගල්‍ය සියැසින් දැක බලා ගැනීමේ වාසනාව ලබා ඇති අති විශේෂ අමුත්තන් හයසිය දෙනාගෙන් 350ක් පමණ මනාලයාගේ හා මනමාලියගේ පෞද්ගලික මිතුරන්ය. ඉතිරි 250 දෙනා මහ රැජන ඇතුළු රාජකීය පවුලේ නැදෑයන් හා ඉතා සමීපතම හිතවතුන්ය. ඩයනා කුමරියගේ අවමඟුල් උළෙලේදී මුළු ලොවම හඬවමින් CaNdle in the wiNd (හුළඟේ දිලෙන ඉටිපන්දම් සිළුව) ගීතය ගැයූ සුප්‍රසිද්ධ ගායක EltoN jhoN හා Spice Girl ගීත කණ්ඩායමේ ගායිකාවන් පස් දෙනාද ලෝක ටෙනිස් ශූරී Serena Williames හා හැරී කුමරුගේ පැරණි පෙම්වතියන් දෙදෙනකු වූ cressida boNas හා Chelsy Davy සුරූපිනියන් දෙදෙනාද මෙම අති විශේෂ අමුත්තන් ගොන්නට අයත්ය. ඉන්දියානු සුප්‍රකට නිළි ප්‍රියංකා චොප්රාටද විශේෂ ආරාධනාවක් ලැබී ඇත.

මෙගන් මේකල් ප්‍රධාන නිළියක් වශයෙන් රඟපෑ ඇමෙරිකාවේ ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වූ SUITS හි රඟ පෑ නළු නිළියන්, අධ්‍යක්‍ෂවරයා ඇතුළු සියලු දෙනාම මෙම මඟුලේ විශේෂ අමුත්තෝ වෙති. ඇමෙරිකන් ජාතිකයන් වූ ඔවුන් බි්‍රතාන්‍ය රාජකීය මඟුලකට මේ සහභාගි වෙන්නේ ජීවිතයේ ප්‍රථම වතාවටය. ඒ නිසා රජකීය මංගල උළෙලට ඇඳිය යුතු ඉහළ පන්නයේ ඇඳුම්, රැජන ඉදිරියේදී හැසිරෙන හැටි, කතා කරන විලාශය, උත්සව ශාලාවේ ඇවිඳින හැටි, භෝජන අනුභව කරන අන්දම ඇතුළුව සියලුම චාරිත්‍ර හා සම්ප්‍රදායන් ගැන ඔවුන් මේ දිනවල ඇමෙරිකන් සමාගමකින් “ටියුෂන්” ගනිමින් සිටින බව NEW YORK TIME පත්‍රය කියා සිටියි.

මෙම මංගල උත්සවයේ විශේෂ සිද්ධිය වන්නේ අගමැතිනිය තෙරේසා මේ මහත්මිය කැබිනට් ඇමැතිවරු ඇතුළු කිසිම බි්‍රතාන්‍ය දේශපාලනඥයකු හෝ ලෝකයේ කිසිම රාජ්‍ය නායකයකුට ආරාධනා නොකිරීමයි. අපි ලෝකයේ සියලුම රාජ්‍ය නායකයන්ට චාර්ල්ස් – ඩයනා විවාහයට 1981දී ආරාධනා කළේ චාර්ල්ස් ඔටුන්න හිමි කුමාරයා නිසයි. ඒකයි රාජකීය සම්ප්‍රදාය. හැරී කුමරු ඔටුන්න හිමි පස්වැන්නා නිසා බි්‍රතාන්‍ය ලෝක නායකයන්ට ආරාධනා කිරීමේ සිරිතක් නැහැ” යි බකින්හැම් මාලිගාවේ නිලධාරියකු ප්‍රකාශ කරයි.

මේ අති විශේෂ රාජ්‍ය මංගල්‍යය ශාන්ත ජෝර්ජ් දේව මැඳුර තුළඳී සියැසින් දැක බලා ගන්නට පැමිණෙන අති විශේෂ අමුත්තන් 600 දෙනාට අමතරව එදින වින්ඩ්සර් මාලිගාවේ උද්‍යාන භූමියට පැමිණ විවාහ මංගල්‍යය රූපවාහිනියෙන් නරඹන ලෙස ආරාධනා ලබා ඇති තවත් වාසනාවන්තයන් පිරිසක් ද සිටී.

ඔවුන් කිසිවකු හැරී මේගන් යුවළ පෞද්ගලිකව හඳුනන්නේ නැත. නමුත් ඔවුන් බොහෝ දෙනා නොයෙකුත් අන්දමේ සමාජ සේවයේ යෙදෙන පුරවැසියන්ය. නැතිනම්  OXFAM,SAVE THE CHILDREN වැනි පුණ්‍යායතනවල සාමාජිකයන්ය. එසේ නැතිනම් කෙනකුගේ ජීවිතයක් බේරා ගත් විශිෂ්ට පුද්ගලයන්ය. පරහිතකාමී දානපතියන්ය. රෝහල් සේවකයන්ය. වීර ක්‍රියාවන්හි යෙදුණ ගිනි නිවන, ගිලන් රථ, පොලිස් හෝ ආරක්‍ෂක අංශවල විශ්‍රාම ලත් සාමාජිකයන්ය. රට පුරා සිටින මෙවැනි උදාර පුද්ගලයන් අතරින් ඉහළින්ම ඇති 2500 දෙනාට තම පවුල් පිටින් මේ අති විශිෂ්ට දිනයට සහභාගි වන ලෙස හැරී හා මෙගන් විසින් ආරාධනා කිරීම ඔවුන් කරන ලද ඉතා යහපත් ක්‍රියාවක් යැයි ලන්ඩන් ටයිම්ස් පත්‍රය ප්‍රශංසා මුඛයෙන් කියා සිටී. මේ අතර හැරී කුමාරයා තම මංගල්‍ය උත්සවය හරහා විරසක පවුල් අතර සාම දූතයකු ලෙස ක්‍රියා කරමින් සැමෝගේම ප්‍රශංසාව දිනා ගෙන සිටී.

මේගන් මාකල්ගේ මව DORIA RAOWDND හා පියා THOMAS MARKLE 1987 දී දික්කසාද වන විට මෙගන් වයස හයක් වූ ඉතා ළාබාල දැරියකි. අප්‍රිකා – ඇමෙරිකන් සම්භවයක් ඇති DORIAඇමෙරිකාවේ කැලිෆෝනියා නුවර නතර වූ අතර ඕලන්ද හා අයිරිෂ් මිශ්‍ර සම්භවයක් ඇති THOMES දික්කසාදයෙන් පසු මෙක්සිකෝ නුවර තනිවම ජීවත් විය. ඔවුන් දෙදෙනා අතර කිසිම ඇයි හොඳයියක් නැත.

නමුත් හැරී කුමාරයා තම අනාගත නැන්දම්මා හා මාමණ්ඩියට රාජ්‍ය අමුත්තන් ලෙස සහභාගි වන ලෙස ආරාධනා කළේය. මංගල දිනට සතියකට පෙර සිට ඔවුන් දෙදෙනාට මහ රැජනගේ අති විශේෂ අමුත්තන් ලෙස බකින්හැම් මාලිගාවේ නැවැතීමට නියමිතය.පරණ තරහ අත හැර ඔවුන් දෙදෙනා ඒ කාලය සුහදව කතා බස් කරනු ඇතැයි සැවොම බලාපොරොත්තු වෙති.

ශාන්ත ජෝර්ජ් දේවස්ථානයට යන රථ පෙරහරේ මනාලියගේ රථයේ ඇයගේ මව DORIA ගමන් ගන්නා අතර 600ක් අමුත්තන් මැද්දේ මෙගන් මාකල් මංගල පෝරුව වෙත ගමන් ගනු ලබන්නේ තම ආදරණීය පියා ඊඩ්ර්ණීර්ඒඉ ගේ අතින් අල්ලාගෙනය

හැරී කුමාරයාගේ මංගල දින සාම දූත මෙහෙවර එතැනින් නතර වී නැත. වසර විසි එකක් තිස්සේ අලුයට පිපිරෙමින් තිබුණ තමන්ගේ ළඟම නෑ පවුල් දෙකතම විවාහ දිනයේ සමඟි කිරීමට ඔහු සමත් වී ඇත.

හැරීගේ පියා චාර්ල්ස් කුමාරයා ඇතුළු මුළු රාජකීය පවුලම හඳුන්වන්නේ “වින්ඩ්සර් WINDSCO පරම්පරාව” කියාය. හැරීගේ මවු ඩයනා කුමරියගේ පවුලට කින්නේ ස්පෙන්සර් SPENCER පරම්පරාව කියාය. පැරීසියේ රිය අනතුරකින් ලොවම හඬවමින් මියගිය ඩයනා කුමරියගේ අවමංගල්‍ය වෙලාවේ ඇයගේ සොයුරා චාර්ල්ස් ස්පෙන්සර්  රජ පවුල නිර්දය ලෙස විවේචනය කරමින් කළ බරපතළ කතාව කිසිවකුට තවම අමතක වී නැත. එදායින් පසු වින්ඩ්සර් පවුල හා ස්පෙන්සර් පවුල විරසක විය. ඩයනා කුමරියගේ පවුලේ සොයුරු සොයුරියන් ඇයගේ දේහය තම මහ ගෙදර භූමියේ පෞද්ගලිකව මිහිදන් කළේ චාර්ල්ස් කුමාරයා හෝ වින්ඩ්සර් පවුලේ කිසිවෙකුට ආරාධනා නොකරමිනි.

ඉන් පසු අවුරුදු 20ක් තුළ ඩයනාගේ ස්පෙන්සර් පවුලේ කිසිවකුට රජ පවුලේ උත්සව වරට ඇරයුම් නොලැබුණි. ඒ පරම්පරාවේ කිසිවකුට නයිට් පදවි ර්ණීඕඡ් ර්ඕඡ් වැනි නම්බුනාම නොදීමට බකින්හැම් මාලිගාවේ ඛ්ඩ්ඒර්ඕඡ්අඹ්ධ්ව් සාමිගේ කාර්යාලය වග බලා ගත්තේය.

නමුත් අවු. 21ක් තිස්සේ තමන්ගේ අම්මාගේ හා තාත්තාගේ පරම්පරා දෙක අතර ඇවිලෙමින් පැවැතුන මෙම අමනාපය නිවා දමමින් හැරී කුමාරයා තමන්ගේ මවගේ සොයුරියන් තිදෙනා හා සොයුරාට තම මංගල්‍යයට පැමිණෙන ලෙස ඉතා අදරින් ආරාධනා කොට තිබේ. එපමණක් නොවේ. හැරී හා මේගන් අතිනත ගත් පසු 600ක විශේෂ අමුත්තන් ඉදිරියේ මංගල සභාව අමතා සිදුකෙරෙන එකම කතාව පැවැත්වීමේ ගෞරවය ලබා දී ඇත්තේ ඩයනාගේ වැඩිමලග් සොයුරිය වූ JANE FEUOWESආර්යාවටය.

හැරී – මෙගන්ගේ විවාහයෙන් පසු රජ පවුල හා ස්පෙන්සර් පවුල ඩයනා කුමරිය ජීවත් වූ කාලයේදී මෙන් නැවත වරක් ගජ මිතුරන් බවට පත් වනු ඇතැයි SUN පුවත් පත කියයි.ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී හැරී හා මේගන් අතිනත ගන්නා ආගමික උත්සවයෙන් පසු රාජකීය පවුල විසින් පැමිණ සිටින විශේෂ අමුත්තන් හයසියයකට රාජ්‍ය දිවා භෝජන සංග්‍රහයක් පවත්වනු ලැබේ.

එදින සන්ධ්‍යාවේද චාර්ල්ස් කුමාරයා විසින් නව යුවළ හා ඔවුන්ගේ විශේෂ මිතුරන් හා රජ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් විනෝදමත් පී්‍රති සම්භාෂණයක් පවත්වනු ලැබේ. උදෑසන ශාන්ත ජෝර්ජ් දෙවි මැඳුරේ රාජකීය හා ආගමික සිරිත් විරිත් සම්ප්‍රදායයන් අනුව පැවැති විවාහ උළෙලට මුළුමනින්ම වෙනස්ම විනෝදය ලබාදෙන අන්දමට පැවැත්වෙන මෙම විශාල පාටියේදී නව යුවළ හා අමුත්තන් මධුවිත රස විඳිමින් ඉහළ භෝජන අනුභව කරමින් විවිධ අන්දමේ රංගනවල යෙදෙමින් පී්‍රති වනු ඇත. එල්ටන් ජෝන් හා SPICE GIRL සංගීත කණ්ඩායම ඇතුළු ලොව ජනප්‍රිය ගායික ගායිකාවන් විශේෂ අමුත්තන් ඉදිරියේ සංගීක සන්දර්ශනයක් ද පැවැත්වීමට නියමිතය.

චාර්ල්ස් කුමාරයාගේ මල්ලි ඇන්ඩෘ  කුමාරයාගේ දික්කසාද බිරිය  SARAH FERGUSON මෙම ඉහළ පෙළේ උත්සවයට ආරාධනා නොකිරීම ගැන ඇය මහත් කනස්සලයට පත්ව ඇතැයි ටෙලිග්‍රාෆ් පත්‍රය කියයි. SARAH දැන් රජ පවුලේ කෙනෙක් නොවේ. හැරී හා මෙගන් එයාව ළඟින් ආශ්‍රය කරන්නෙත් නැහැ. ඒ නිසා අපි එයාට ආරාධනා කළේ නැතැයි චාර්ල්ස් කුමාරයාගේ කාර්යාල නිලධාරියෙක් ප්‍රකාශ කරයි. හැරී මෙගන් මංගල්‍යයට පැමිණෙන අමුත්තන් 600 දෙනාට හැම්, බේකන්, කැමියා, චිකන්, බීෆ්, පෝක් ඇතුළු ඉහළම වර්ගයේ රස භෝජුන් හා ෂැම්පේන්, විස්කි, බියර්, රම් ඇතුළු අනර්ඝ රට බීම ලබා දීමටත් මහ රැජන ලෝභ නැතුව වියදම් කරයි. නමුත් ඇයගේ ආරාධනාවෙන් මංගල උත්සවයට පැමිණ වින්ඩ්සර් මාලිගාවේ උද්‍යානයේ වාඩි වී රූපවාහිනියෙන් නැරඹීමට පැමිණෙන සාමාන්‍ය පන්තියේ සමාජ සේවක සේවිකාවන් 2500 දෙනාට ඒ වාසනාව හිමි වී නැත.

මංගල ආරාධනා පත්‍රය සමඟ ඔවුන්ට විශේෂ ලිපියක් යවමින් බකින්හැම් මාලිගා නිලධාරීන් මෙසේ කියා ඇත. ඔබ මංගල උළෙලට සහභාගි වීමට පැමිණෙන විට ගෙදරින් කෑමට පාර්සලයකුත් කැමැති නම් අකුලන පුටුවකුත් රැගෙන එන්න. මොවුන් මේ නොකියා කියන්නේ දුර බැහැර ගෙවා මහන්සි වී මංගල උළෙල දැකීමට පැමිණෙන සමාජ සේවක සේවිකාවන් 2500 දෙනාට මහ රැජනගෙන් වතුර පොදක්වත් එදාට නොලැබෙන බවය. මෙය මේ දිනවල බි්‍රතාන්‍ය ජනමාධ්‍යවල දැඩි විවේචනයට ලක් වී තිබේ.ලොකු ලොක්කන්ට තෝර මාළු හා ෂැම්පේන් සොක්කන්ට හුළං යන සිරස්තලය යටතේ රැජන විවේඡනය කර DAILY MIRROR පුවත්පත කියන්නේ ජනතාවට විශාල සේවයක් කරන සමාජ සේවකයන්ට මෙසේ කුඩම්මාගේ සැලකිල්ලක් දක්වනවාට වඩා ඔවුන්ට ආරාධනා නොකර සිටියා නම් වඩා හොඳයි කියාය.

මේ අහිංසක ජනතාවට රාජ්‍ය අමුත්තන්ට දෙන රාජභෝජන දෙන්න කියලා අපි කියන්නේ නැහැ. ඔවුන් බඩගින්නේ තියන්නේ නැතුව අඩුගානේ සැන්ඩ්විච් දෙක තුනක් බීම බෝතලයකුත් දෙන්න බැරිතරමට රැජන ලෝබදැයි DAILLY TELEGRAPH පත්‍රය අසයි.සැ. 500ක් අෑත ධ්ව්ඍඡ්අව්ඡ්ඉඉ නුවර ළමා නිවාසයක් පවත්වාගෙන යමින් දුප්පත් දරුවන්ට පිහිට වන SUSAN WATT මහත්මිය මෙසේ කියයි.

“අපි මේ රජ මඟුලට SCOTLAND වල ඉඳන් උදේ තුනේ කෝච්චියේ එන්න ඕන. මටත්, මහත්තයටත් දැන් අවුරුදු 67යි. අපි දෙන්නට කෑම පැකට් දෙකයි පුටු දෙකකුයි උස්සගෙන ඔච්චර දුර එන්න පුළුවන්ද? ඒ නිසා අපි එන්නේ නැහැ කියලා මාලිගාවට දන්වලා ඇරියා”.

“අයියෝ තමන්ගේ මුනුපුරාගේ මඟුලට එන පීඩිත පන්තියේ ජනතාවට කේක් කෑල්ලක් දෙන්නවත් මහ රැජනට සල්ලි නැහැ කියනවද? එහෙනම් වෙළෙඳ වෑන් තුන හතරක් එදාට මින්ඩ්සර් මාලිගා උද්‍යානයට ගෙනියන්න අපිට අවසර දෙන්නයි ඉන්දියා, ශ්‍රී ලංකා, පාකිස්තාන් ව්‍යාපාරිකයන්ගෙන් සමන්විත LONDON HARROW ආසියා TAKE AWAY සංගමය බකින්හැම් මාලිගාවෙන් ඉල්ලා සිටියි.

“බඩගින්නේ ඉන්න 2500 දෙනාටම BEEF BURGER එකක් PEPSI බෝතලයක් නිකම් දෙන එක අපිට අමාරු වැඩක් නෙමේ” ඔවුහු කියති.ආරාධිත අමුත්තන් විශාල පිරිසක් මෙසේ බඩගින්නේ තැබීම ගැන BBC RADIO 2 සේවයත් ජාතික පුවත්පත් සියල්ලම විවේචනය කරන නිසා ඔවුන්ටත් මොනවා හරි ආහාරයක් හා බීම නොමිලයේ ලබාදීමට මාලිගාව අද හෙටම තීරණය කරනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.