දෙහිවල සත්තු වත්තේදී තාපස බැබුන් කෙනෙකුට දෙන්න වුන I Phone එක – ජායාරූප සහිතයි

1004

අපේ සමාජ ජාල වල හරි අපුරු සිදුවීම් වාර්තා වෙනවා. සමහර ඒවා ප්‍රවෘර්ති වලින්වත් සමහර වෙලාවට දකින්න අහන්න ලැබෙන්නේ නැ.ඉතින් ඒ වගේ හරි අපුරු සිදුවීමක් පිලිබදව අපිට අහන්න ලැබුනා.

ඉතින් අපුරු I Phone එකක් තාපස බැබුන් කෙනෙකුට දන් දෙන්න වුනු පුවතක් තමයි මේ. ජායාරූප ශිල්පී තිලිණ කලුතොටගේ තැබූ සටහන පහතින් නරඹන්න

හැම සති අන්තයකම කැලෑවල් ගානෙ ගිහින් හදීසියේ හරි යන්න බැරි උනොත් දැන් නිකන් පිස්සු වගේ. ඉතින් ඒ වගේ දවසක් අදත් Set උන නිසා සත්තු බලන්න කියල ගියා දෙහිවල සත්තු වත්තට අම්මෝ එතන කූඩු වල ඉන්න සත්තු දාන වැඩ වලට වඩා හපන් වැඩ ටිකක් එළියෙ ඉන්න උන් දාන්නෙ.

කොටියගෙ කූඩුව ගාවට ගිහින් කොටියා වගේ කෑගහනව, රිලව්, වඳුරො ඉන්න කූඩු ගාවට ගිහින් රිලා නැටුම් නටනව අම්මප එතනදි මට හිතුනෙ ඒ දඟලන උනුත් කූඩුවකට දැම්මනම් උන්ව පෙන්නල ලංකාවට වෙනම විදේශ ආයෝජන ටිකක් ගන්න තිබ්බනෙ කියල. සත්තු එළියෙද ඇතුලෙද ඉන්නෙ කියල අඳුරගන්නත් බෑ.

ඔන්න ඔහොම යනකොට එක පාරම දැක්කා අයියා කෙනෙක් තාපස බැබුන් නම් සත්වයා අසලට තම Phone එක දික් කරමින් Photo ගනිමින් ඉන්න හැටි. ක්ෂණයයි ගියේ අර සත්වයා කූඩුවෙන් අත දාල ගත්තPhone එක, අරන් ඉස්සෙල්ලම කලේ Phone එකේ Tempred Glass එක ගලවපු එක.

ඊට පස්සෙ බිම දාල හූරල දෙතුන් පාරක් පොලේ ගැහුවා, උඩ ඉඳන් බිමට දැම්මා, හැපුවා කොහොම කොහොම හරි හොඳට තිබ්බ Apple Phone එකක් විනාසම කලා.

එතනදි වැරැද්ද සතාගෙ නෙවෙයි මිනිස්සුන්ගෙ. සත්තු වත්තක සත්තු අපිට පේන්න කොහොම හිටියත් හැම වෙලාවෙම එයාල ඉන්නෙ කේන්තියෙන් මොකද ඒ සත්තුන්ට තමන්ගෙ ස්වභාවික ජීවන රටාව අහිමි වෙලා තියෙන්නෙ.

ආහරයක් උනත් ස්වභාවික විදිහට ලැබෙන්නෙ නෑ සත්තුන්ගෙ ලිංගික කටයුතු පවා ඔවුන්ට අවශ්‍ය පරිදි ලැබෙන්නෙ නෑ. හැම වෙලාවෙම මිනිස්සුන්ගෙ ඝෝෂාව.

අපිත් කැලේ යනව කැලේ ඉන්න සතෙක් ගත කරන ජීවිතය සහ මොවුන් ගත කරන ජීවිතය හාත්පසින්ම වෙනස්. ඔවුන්ගේ කූඩු තුළ ඔවුන්ට ඉඩ නෑ. මම ශ්‍රී ලාංකික දිවියන්ට ගොඩක් ආස නිසා දිවියන්ගේ කූඩුව ගාව පැය 3ක් පමණ ගත කලා.

කැලේ අපි දකින දිවි සහ මේ තුළ සිටින දිවි වෙනස්. මම එතනින් ගිය වනජීවි නිළධාරියෙකුගෙන් ඇහුවා ඇයි මේ දිවි මෙහෙම අමුතු ආකාරයෙන් හැසිරෙන්නෙ සහ ශරීරය වෙනස් කියල එයාල කිවුවෙත් ඔවුන්ගේ සුපුරුදු ජීවන රටාව ඔවුන්ට අහිමි නිසා මෙහෙම වෙනව කියල.

අන්තිම වශයෙන් කියන්න තියෙන්නෙ සත්තු වත්තෙ ගියාට කමක් නෑ එතන ගිහින් සත්තුන්ටත් අන්ත විදිහට හැසිරෙන්න එපා කියල විතරයි. සත්තු හිර වෙලා ඉන්න එක ගැන මාත් දුක් වෙනව ඒත් අපි මොනව කරන්නද.

Photo & Caption – Thilina Kaluthotage