මේ සතිය ඔබට සුබ වෙන්නේ මෙහෙමයි (මැයි 14 – මැයි 20)

727

මේෂ – අණසක පතුරයි 
ආයතන ප්‍රධානීන්ගෙන් සහ ප්‍රභූන්ගෙන් උපකාර ලබයි. ආත්මාභිමානය ඉස්මතු වේ. තම යටත් සේවකයන්ට අණසක පතුරවයි. විදේශ මූලාශ්‍රවලින් ආදායම් බලන්නන්ට යහපත් සතියකි. සෞන්දර්යය කලා ක්ෂේත්‍රවල අයට හිතකරය. ලේඛන හා ග්‍රන්ථකරණ අංශවලට කරදරකාරී අවස්ථාවකි. පාසල් ක්ෂේත්‍රයේ අවහිරතා පෙන්වයි. හිසේ රෝග ඇතිවිය හැක.

වෘෂභ – අනියම් සබඳතා 
පවුලේ අනියම් සබඳතා සැක සංකා නිසා ගැටුම් ඇතිවිය හැක. හිතුවක්කාරී ප්‍රේම සබඳතා ඇතිවේ. ප්‍රවාහනය සඳහා අධික වියදමක් පෙන්වයි. හදිසි වාහන අනතුරක සේයාවක් මේ සතියේ බලපැවැත්වේ. ලැබිය යුතු මුදල් ප්‍රමාද වෙයි. අධ්‍යාපනයේ පසුබැසීමක් ඇතිවේ. නීති ගැටලුවලට මුහුණදීමට සිදුවිය හැක. විදේශ මූලාශ්‍රවලින් ලැබෙන ආදායමේ වැඩිවීමක් පෙන්වයි. වකුගඩු ආබාධ ඉස්මතු වේ.

මිථුන – හදිසි ධන වාසි 
රාජකාරි කටයුතු බහුවිධ වේ. ශාස්ත්‍රීය ලේඛනයට ද එසේය. වෘත්තීය උසස්වීම්වලට නිර්දේශ විය හැක. ප්‍රභූන්ගෙන් උදව් ලබයි. යුගදිවියේ ගැටුම් ඇතිවේ. අනියම් සබඳතා ගැන සැක ඇතිවෙයි. සුඛෝපභෝගී දෑට අධික වියදමක් දරයි. ව්‍යාපාර සඳහා ආයෝජන යොදයි. හදිසි ධන වාසි ඇත. ආයතන ප්‍රධානීන්ගෙන් සහයෝගය ලබයි. හිසේ ආබාධ ඇතිවිය හැකි බැවින් ප්‍රවේසම්වන්න.

කටක – ප්‍රභූන්ගෙන් උදව් 
කාර්යයන් ප්‍රමාදයට හා දිග්ගැස්සීම්වලට ලක්වේ. වෘත්තීමය කලාවේ නිරතවූවන්ට සුබ සතියකි. ව්‍යාපාරිකයන්ට හා හවුල් ව්‍යාපාරිකයන්ට යම් ප්‍රගතියක් පෙන්වයි. ප්‍රභූන්ගෙන් උදව් ලබයි. අපේක්ෂිත විදේශ ගමන් යෙදේ. පෙම්වතුන්ට සුබයි. තිරසාර ගති මෙන්ම නිර්භයව ක්‍රියාකිරීම් ගති ද ඇතිවේ. ප්‍රවාහන පහසුකම් ලබයි. රුධිර පීඩනය ඉස්මතු වේ.

සිංහ – රාජකාරියට කැපවේ 
බාධා ඇතත් විදේශීය ගමන් කෙසේ හෝ යෙදේ. පූජ්‍ය පක්ෂයෙන් මෙන්ම ප්‍රභූන්ගෙන්ද උපකාර ලබයි. බහුවිද ආදායම් මාර්ග විවෘත වේ. සෞන්දර්යය ක්ෂේත්‍රයේ නිරතවූවන්ට හොඳ අවස්ථාවකි. රෝහල්ගතවීම් ඇතිවේ. ඉඩම් ආරවුල් පෙන්වයි. අධ්‍යාපනය සුබ සතියකි. නිවාස, ඉඩම් මිලදී ගැනීමට අදහස් කරන් සිටින අයවලුන්ට තවදුරටත් එම අවස්ථා ප්‍රමාද වේ. තම සේවා ස්ථානයේ ඉතා කැපවීමෙන් රාජකාරි කටයුතුවල නිරත වෙයි. උගුර ආශ්‍රිත රෝග ඇතිවේ.

කන්‍යා – ප්‍රධානීන් සමඟ ගැටුම් 
වෘත්තීමය ලේඛකයන්ට අප්‍රසන්න වාතාවරණයක් ගොඩනැ‍ඟේ. බහුවිධ වැඩවල යෙදේ. ආයතන ප්‍රධානීන් හා ගැටුම් ඇතිවිය හැක. සම්බන්ධීකරණ කටයුතු අඩාල වේ. ගිවිසුම් ඇතිකර ගැනීම් කල් යයි. කලාවේ නිරතවූවන්ට හිතකර කාලයකි. කොන්ත්‍රාත්කරුවන්ට හා ව්‍යාපාරිකයන්ට මුදල් හිඟවීම් පෙන්වයි. බැංකු කටයුතු ප්‍රමාද වේ. යාන වාහන ගනුදෙනුකරුවන්ට හිතකර සතියකි. උගුර, බෙල්ල ආශ්‍රිතව රෝග ඇතිවිය හැක.

තුලා – වාහන අනතුරු 
හදිසි ධන වාසි ලබයි. ව්‍යාපාරික වශයෙන් ආයෝජන යොදයි. වාහන අනතුරු ඇතිවීමේ ප්‍රවණතාවක් ඇත. හවුල් ව්‍යාපාරිකයන්ට ප්‍රගතියක් පෙන්වයි. පෙම්වතුන්ට ගැටුම්කාරී වාතාවරණයක් ඇතිවේ. විදේශගතවීම් බලාපොරොත්තු වන්නන්ට අවස්ථාවක් උදාවෙයි. පාසල් අධ්‍යාපනයට හිතකර නැත. උසස් අධ්‍යාපනයට හොඳ සතියකි. ප්‍රභූනගෙන් උපකාර ලබයි. වෘත්තීමය වශයේන භාරකාරත්වයක් ලබයි. වෘත්තීමය වෙනස්වීම් ඇතිවිය හැක. රුධිර පීඩනය ඉස්මතු වේ.

වෘශ්චික – සති අග කරදර 
වෘත්තීමය කටයුතු ඉතා දක්ෂ ලෙසත් කැපවීමෙනුත් කරයි. ප්‍රවාහන වියදම් අධික වේ. පුණ්‍ය කටයුතු වෙනුවෙන් වියදම් දරයි. හිමි මුදල් කොටස් වශයෙන් ලැබේ. ලේඛකයන්ට, ග්‍රන්ථ කර්තෘවරුන්ට සති අග වනතෙක් කරදරකාරී තත්ත්වයක් පෙනේ. සෞන්දර්ය හා කලාවේ නිරතවූවන්ගේ ප්‍රගතියක් පෙන්වයි. ශාස්ත්‍රීය කටයුතු හා දරුවන්ගේ කටයුතු සඳහා ද වියදම් කරයි. ප්‍රේමවන්තයින්ගේ හිතුවක්කාරී බවක් පෙනේ. හිසේ ආබාධ ඇතිවේ.

ධනු – විදේශ ගමන් 
අපේෂා කරන කාර්යය කල් යැවීම්වලට භාජනය වේ. බැංකු කටයුතු අඩාල වෙයි. අයවිය යුතු මුදල් ප්‍රමාද විය හැක. විදේශ මූලාශ්‍රවලින් ලබන ආදායමක් ඇත්නම් එහි ප්‍රගතියක් පෙන්වයි. සෞන්දර්ය කලා ක්ෂේත්‍රවල නිරතවූවන්ට පෙරට වඩා වියදම් ආයෝජන ආදිය යෙදීමට සිදුවන සතියකි. පාසල් අධ්‍යාපනයේ යම් පසුබැසීමක් පෙන්වයි. උසස් අධ්‍යාපනයේ ප්‍රගතියක් ඇත. තම අයිතිය සඳහා ප්‍රධානීන් හා සටන් වදී. විදේශ ගමන් යෙදේ. රුධිර දෝෂ ඇතිවේ.

මකර – අධ්‍යාපනය අඩාල වේ 
විනෝද චාරිකා යෙදේ. ප්‍රවාහන වියදම් අධික වේ. කලා ක්ෂේත්‍රයේ ආදායම් යෙදීමට සිදුවිය හැක. සුඛෝපභෝගී දෑ වෙනුවෙන් අධික වියදමක් දරයි. පියා හා ගැටුම් ඇතිවේ. ප්‍රධානීන් හා විරසකවීම් පෙන්වයි. පාසල් අධ්‍යාපනය අඩපණ විය හැක. පෙම්වතුන්ගේ හිතුවක්කාරී ගති පෙන්වයි. විදේශ මූලාශ්‍රවලින් අයවිය යුතු මුදල්වල යම් ප්‍රමාදයක් ඇතිවිය හැක. සෙම් රෝග ඉස්මතු වේ.

කුම්භ – පෙම්වතුන්ට සුබයි 
යාන වාහන පහසුකම් ලබයි. ප්‍රවාහන පහසුකම් ද ලබයි. අධ්‍යාපනයට සුබ සතියකි. විදේශ ගමන්කල්ගතවීම්වලට භාජනය විය හැක. ව්‍යාපාර සඳහා ආයෝජන යොදයි. නීති ගැටලු ඇතිවේ. මේ ගැටලු ඇතිවන්නේ ව්‍යාපාර ක්ෂේත්‍රය සම්බන්ධවය. මනසට වද දෙන පීඩාකාරී රෝග තත්ත්වයක් ඇතිවේ. නින්ද නොයෑමේ අපහසුතා ඇතිවිය හැක. පෙම්වතුන්ට සුබ සතියකි. සෙම් රෝග ඇතිවේ.

මීන – රැකියාවේ වෙනසක් 
රාජකාරි කටයුතුවලට බාධා ගෙන දේ. ලැබිය යුතු මුදල් ප්‍රමාදවීම්වලට භාජනය වේ. රැකියාවේ වෙනසක් පෙන්වයි. කරන කියන වෘත්තීමය කටයුතුවල වැඩි භාරකාරත්වයක් දරණ බැවින් අපවාද, විවේචන ආදියට මුහුණදීමට සිදුවේ. එහෙත් ප්‍රභූන්ගෙන් රහස් සහයෝග ලබයි. ගුප්ත රෝග ඇතිවේ. හිතුවක්කාරී පෙම් සබඳතාවලට ලක්වේ. පියාගෙන් උදව් ලබයි. අභිමානය ඉස්මතු වේ. අධ්‍යාපනයට සුබයි. හිසේ රෝග ඇතිවිය හැක.