ජා ඇල පැත්ත පළාතම ගඳ ගැස්සූ වසර 15කට පසු පිපුණු කිඩාරම් මල

1014

කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ කියලා කිව්වට අැත්තටම කිඩාරම් මලක් පිපුණම පළාතකවත් ඉන්න බෑ. හැබැයි ඉතිං ලේසියෙන් පහසුවෙන් කිඩාරම් මලක් පිපෙන්නේ නෑ.

කිඩාරම්, ඇරේසියස් පවුලට සහ සූරණ කුලයට අයත් වන අතර ඇමෝෆෙලස් කම්පැනියුලේටස් යනු එහි විද්‍යාත්මක නාමයයි.සංස්කෘත භාෂාවෙන් කිඩාරම්, අර්ශඝ්න (අර්ශස්නසන) අශ්විලා ඕල (අලභාවිතා කරන) කණ්ඩුල (කැසීම ඇතිකරන) ගුද‍්‍රමයහරු (ගුද රෝග නසන) ගජපද (අලි පයක හැඩය) තී‍්‍රශීර්ෂක (කොළ තුනක් ඇති) වාතාරි (වාතය නසන) සර්පනාල (සර්පයකුගේ මෙන් කඳක් හා පැල්ලම් ඇති) ලෙසින් හඳුන්වයි.

කිඩාරම් අල බුද්ධදාස රජතුමාගේ කාලයේ පටන් ව්‍යංජනයක් ලෙසින් හා ඖෂධයක් ලෙසින් ද භාවිතා වූ බව සඳහන් වේ.කිඩාරම් මල අඩියකට වඩා විශාල වට ප‍්‍රමාණයකින් හා පොළොව මට්ටමේ සිට අඩි 2ක් පමණ උසට පැනනගින අතර තද දම් පාටට හුරු වන අතර පරාග කහ හෝ තැඹිලි පැහැයට හුරුය.

මල දැකුම්කළු වන අර මල පිපී දින දෙකකට පසුව දුර්ගන්ධය වහනය වේ.මේ නිසා මල කඩා වළලා දැමීම ගොවීන්ගේ සිරිතකි.කිඩාරම් අලය තරමක් විශාල වන අතර එහි මේදය, ප්‍රෝටීන් හා කාබෝහයිඩ්රේට් අඩංගු වේ.කිඩාරම් අල අර්ශස් රෝගයට හිතකර වන අතර හන්දි ඉදිමීම හා ගුල්ම රෝගවලට ගුණ දෙයි.

බඩවැල්වල බැඳෙන සෙම හා මළ කැපී පිරිසිදු කරන ගුණයකින් යුක්ත මෙම අල වසරකට වරක් හෝ ආහාරයට ගන්නේ නම් පණුවන් හලා ජීර්ණ පද්ධතිය පිරිසුදුකරන බව ආයුර්වේදයේ සඳහන් වේ.

අවුරුදු 15 කට පස්සේ පිපුණ කිඩාරම් මලක් අපිට හමු වුණා. ජා අැල සැම්සන් ජයකොඩි මහතාගේ වත්තේ තමයි මේ කිඩාරම් මල පිපිලා තියෙන්නේ. මේ කිඩාරම් මල අඩියකට වඩා විශාලයි. කිඩාරම් මල් දැකලා නැති අය බලා ගන්නකො හොදට.