බෞද්ධයන් photo ගසා video කරද්දී මා දිවී බේරූ දෙව් පුතු – බුකියේ කතාවෙන දැරණියගල ධම්මසාර හාමුදුරුවන්ගේ කතාව

3355

අද වන විට ලංකාවේ රිය අනතුරු සීග්‍ර ලෙස ඉහල ගොස් තිබෙනවා.හුගක් වෙලාවට නොසැලිකිලිමත් කම නිසා තමයි හුගක් අනතුරු සිද්ධ වෙන්නේ.ඉතින් අද මේ අපි කියන්න යන්නේ තරමක් වෙනස් පුවතක්.හැබැයි ඉතින් මේකත් රිය අනතුරක් තමා.වැඩි කතා ඕනේ නැ .දැරණියගල ධම්මසාර හාමුදුරුවන් මුහුණු පොතේ තැබූ සටහන පහතින් බලලම ඉන්නකෝ

බෞද්ධයන් photo ගසා video කරද්දී මා දිවී බේරූ දෙව් පුතු….

දිනය 2018/05/02 වේලාව් දහවල් 01.45 පමණ.
අපි දැරණියගල සිට කරවනැල්ල දෙසට ගමන් කරමින් සිටිද්දී… දින ගනනාවක් එකදිකටම අප ධර්ම දේශනා සදහා ලංකාවේ නන්දෙසට වැඩමකොට සිටි නිසා අධික ලෙස තෙහෙට්ටුවෙන් පසු වුනා…කෙසේ හො දෙහිඕවිට පසුකරමින් අප ඉදිරියට ගමන් කරද්දී මටත් රිය පැදවූ රියදුරුටත් එකවරම නින්ද යෑම නිසා ඊරියගොල්ල කනත්ත ඉදිරිපිටදී අප ගමන්කළ රථය කලුගල් ගොඩක වැදී මහ මග පෙරලුනා… මේ සියල්ල සිදු වෙන විට අප නොදැන සිටියෙමු… අපට නින්ද ගිය නිසාවෙන්….

රිය අනතුර සිදුවූවාත් සමගම මා හට සිහිකල්පනාව මනාවට ලැබෙනවා සමගම පිරිසක් පැමින අප සිරවී සිටිය රථයෙන් එලියට එන්නට උදව් කළා මට මතකය..

මගේ කට තුල දත් කීපයක් සෙලවෙනවා මෙන්ම තුවාල සිදුවී ඇති වග මට වැටහෙන විට එහි බොහෝ දෙනෙක් රැස්වී හමාරය… ඒ මොහොතේ එහි සිටි අය පින්තූර ගන්නවා මා හොදින්ම දුටුවෙමි… එවිට යම් පුද්ගලයෙක් කැමරාවක් අතින් ගෙන..මේක news වලට දාන්නද හාමුදුරුවනේ කියා මගෙන් විමසූ අයුරුද මට මතකය…එහෙත් ඒ කිසිවකට පිළිතුරු දීමකට මා හට කල්පනාවක් නොවීය… මන්ද යත්…සිදුවූයේ කුමක් දැයි මා හට මහත් පෙහෙලිකාවක් වූ බැවින්… ඒ මොහොතේ එක් කොනක කාන්තාවක් බොහෝ අපහසුවෙන් කෑ මොරසන් දෙන අයුරු මා කණ නෙත වැටුනු සැනින් මා එදෙසට දිව ගියෙමි…

එහි ගිය මා දුටුවේ කතා කිරීමට අපහසුවෙන් වෙවුලමින් සිටිනා වැඩිහිටි මව්තුමියකි… එවිට මා එම මවගේ හිස අතගා…අම්මේ අම්මට මොකුත් උනාද..තුවාල උනාද කියා විමසූ විට ඇය ඔලුව හොලවමින් නෑ කියා ගොලු වතින් පැවසූවා මට මතකය..එවුට මා කෑ ගසා මේ අම්මව කවුරුන් හරි ඉක්මනින් ඉස්පිරිතාලෙ අරන් යන්න කිව්වා..එහෙත් කිසිව්ව්ක් එයට ප්‍රතිචාරයක් නොදක්වා බලා සිටියා…

එවිට එතනට පැමිනි මැදිවියේ කාන්තාවක්…

මම ඩොක්ටර් කෙනෙක්… කාටද තුවාල කියා විමසද්දී…ඩොක්ටර් මම ආපූ වාහනේ පෙරලුනේ… ඒ උනාට මේ අම්මට අමාරුයි..එයාව බලන්න කියා මා කීවා මට හොදින් මතකයි… එවිට ඉක්මනින් ඇය පරික්සාකල වෛද්‍යතුමිය..
ඇය බියවීම නිසා කම්පනයට පත්වී ඇති නමුත් ඇයට අනතුරක් නැති බව ප්‍රකාශ කරමින් ඔබවහන්සේගේ මූණ තූවාලයි නෙද..වෙන මොනවද අපහසුතා කියා විමසද්දි ඒ සියල්ල මා කියූ විට..වහාම මේ හාමුදුරුවන්ව රෝහල් ගත කරන්න කියා ඇය ප්‍රකාශ කළා මතකය…එහෙත් කිසිවෙකු මා හෝ මගේ රියදුරු රෝහලට ගෙන යන්නට ඉදිරිපත් වූයේ නැත…

එවිට ඇය තනිවම පදවන් ආ රථයේ මා රෝහලට රැගෙන යන්නට සැරසෙද්දී… එක් මහත්මයෙක් පැමිණ..මම ස්වාමීන්වහන්සේ එක්කන් යන්නම්..මැඩම් ඉන්න.. කියා ඇමතූවා මට ඇසිණි.. ඒහෙත් ඇය කිව්වේ කමක් නෑ මම එක්කන් යන්නම් කියාය… එහෙත් ඒ මහත්මා…ඔබතුමිය යන්න… මම ස්වාමීන්වහන්සේ එක්කන් යන්නම් කියා..බොහෝ පිරිසක් පින්තූර ගනිමින් මුව අයා බලා සිටිද්දී…ඔහු පැමිණි මෝටර් රථයට මා සහ රියදුරු නන්වාගෙන ඉක්මනින් කරවනැල්ල රෝහල වෙත ගමන් කරන අතරතුර… මා හට කතා කරන්නට අපහසු වූවත්…

ඔබතුමන් කව්ද.. මේ වෙලාවේ අපිට උදව් කරන…
කියා මම විමසුවෙමි…

එවිට ඉතා නිහතමානීව සිහිපත් කලේ…

ස්වාමීන්වහන්සේ මම දෙහිඕවිට පල්ලියේ ෆාදර් කියාය….

එවිට මාගේ ඇස්වලින් ගලා ආ කදුලු මට නවතා ගන්නට නොහැකිව පසු වූ අයුරු දුටු පින්වත් ෆාදර් මට කිව්වේ…

ස්වාමීන්වහන්සේ .. මේ වෙලාවේ නැති මනුස්සකම මොකටද කියාය….

ඉන් අනතුරුව රෝහල වෙත අප රැගෙන ගිය එතුමන් අපව වෛද්‍යවරුන් වෙත යොමුකොට එතුමන්ගේ නමින් වාට්ටුවකට ඇතුලත් කල විට හෙද හෙදියන් පැමින මා පරික්සා කරමින් තුවාල වලට බෙහෙත් දමන්නට සැරසෙද්දී ….

මගේ දුරකථනය කීපවිටක්ම නාද වෙන නිසා..එයට පිළිතුරක් දෙන ලෙස ඒ අයගේ ඉල්ලීම විය… ඒ අනුව අපහසුවෙන් නමුත් මොනයම්හෝ පණිවිඩයකට වෙන්නට ඇතැයි සිතා ඇමතුමට කන් යොමු කල විට මගෙන් පැනයක් විමසන්නට විය…

මේ දැන් ඇක්සිඩන්ට් වෙච්ච හාමුදුරුවෝ නේද…
ඔව් ඒ මම මහත්තයා කියනවිට… අපේ බැම්ම හදලා දෙන්න… කියා ඉල්ලීමක් කලේය… මා අපහසුවෙන් කිව්වේ…බෙහෙත් දාගන්නකම් ඉන්න දෙන්න කියාය.. එය නෑසු ඔහු පැවසුවෙව්… අදම බැරි නම් අපට හෙට හරි බැම්ම හදලා දෙන ලෙසය….

එය අසා සිටි ෆාදර් සහ හෙද කාර්‍ය්ය මණඩලයේ පිරිස තුස්නීම්බූතව සිටිනු මා දුටුවෙමි….

සිදුවීම් ගනනාවක් විය… ඒ සියල්ල මා තනිවම දරා ගතිමි….

දින කීපයකට පසුව රෝහලෙන් ටිකට් කපා ගත් මා…මගේ ලගින් හිටිය මගේ අම්මා තාත්තා සමග ලාල් අයියා සමග නැවතත් එන්නට එන ගමනේ පලමුවෙන්ම අනතුර සිදුවූ ස්ථානයේ බැම්ම අයිතිකාර පිරිස සොයා ගියෙමු…

එහි ගිය මා ඔවුන්ට සෙත් පතා… විමසුවේ… ඔයාලට මේ සිදුවූ දෙයින් හානියක් උනා නේද… අපිට නින්ද ගියා… අපි හිතලා කලේ නෑ… මේ අපේ වෙලාව… මොනවා කරන්න ද අම්මේ….. අම්මට දැන් ගැටලුවක් නෑ නේද… මුදලක් ඉල්ලූ නිසා… මේ වෙලාවේ මට පුලුවන් හැටියට උදව්වක් කරන්නයි ආවේ කියා මා පැවසූ පසුව…

මොනා හරි උනා නම් බලා ගන්න තිබුනා… ආපු එවුන්ගේ කෑලිවත් හොයා ගන්න හම්බෙන්නේ නෑ.. මගේ කොල්ලෝ එකෙක්වත් නහයට අහන එවුන් නෙමෙයි… වාහනේ අලුවත් ඉතුරු කරන්නේ නෑ…
කියා ඒ මිනිසා අපට පහත් ලෙස බනින්නට විය…
දුකත් වේදනාවත් පිරි මා ඉතා අපහසුතාවයට පත්වූවත්… මා අත තිබූ මුදලින් කොටසක් ඒ මවට දී මා එන විට දැන ගන්නට ලැබුනේ… ඒ මිනිසා සහ ඔවුන්ගේ පුතුන් දෙපල පංසල්වල සහ පිංකම් ගෙවල්වල හේවිසි ගහන පිරිසක් බවය….

මගේ කාලකිරීම එයින් තවත් වැඩි විය….

එයද කෙසේ හෝ ඉවසා දරාගෙන.. මා ගමන් කලේ ඉන් අනතුරුව මා දිවි රැක ගත් ඒ දෙව්පුතු සොයාගෙනය….

දෙහිඕවිට පල්ලියට.මා වඩිනවිට.. ඉතාම ආදරයෙන් මා සහ පිරිස පිළිගත් පින්වත් පියතුමන්… සිසිල් පැන් වීදුරුවකින් අප පිළිගෙන ගිලන් පසක් දෝතින් හදා මට පූජාකොට.. සෙත් පතා සුවදුක් විමසා…මා හට මහත් ශක්තියක් වෙමින් ලෝකයාට දුන් ආදර්ශය මිළකල නොහැකිය…

අදටත් මා හට ඇමතුම් ලබා දෙමින් මගේ සුවදුක් විමසන..පේරාදෙණිය රෝහලේ සේවය කරන ඩොක්ටර් උදානී මහත්මිය..එතුමිය දෙවි කෙනෙක් ලෙස දකින්නේ ඉතා බැතියෙන්.. එමෙන්ම පල්ලියේ ෆාදර් … දෙවි කෙනෙකු ලෙස මා ඔහුව දකින්නේ..ඉමහත් බැතියෙන්….

බෞද්ධයන් ලෙසින් ..ලගින් බොහෝ මිතුරන් සිටිමුත් මා අසරණ ඌ මොහොතේ ඒ කිසිවෙකු මා ලග නැති විට… බුදුන් දෙසූ මග වඩින්න සිවුරු දැරූ මිතුරන් සිටිමුත් ඒ කිසිවෙකු මා ලග නැති විට… සමහර අය ,photo ගනිද්දී සමහරූ video කරද්දී..තව අසමහරී එය නරඹද්දී… රෝහල වෙත රැගෙන යන්න කිසිවෙකු නැති මොහොතක…

ෆාදර් කෙනෙක් මා රෝහල වෙත රැගෙන ගියා….

ඒ මොහොතේ මගේ ඔලුවේ අභ්‍යන්තරයට හානියක්වී තිබුනා නම්.. කිසිවෙකු මා රැගෙන නොගියා නම් මා අපවත්වන්නටද තිබුනා… එත් පෙර පිනකට එවන්නක් මාහට වූයේ නෑ…

මේ සිදුවීමෙන් පසුව… අද මේ මොහොත වෙන තෙක් මා දුටුවේ… පංසලෙන් නොව මනුස්සකම… පල්ලියෙන්ම පමණයි..

දෙහිඕවිට පල්ලියේ සිටින මේ අයාල් ඉන්දික ෆාදර් ගාව තියන මානූෂීයත්වය මා ලගින් මට ඇති හැකි විට සිටි හිමිවරු ලගත් තිබුනා නම් කියා මට අද සිතේ…..

මේ ලෙසින් මා සටහනක් තැබුවේ… 2018/05/02 දින සිට 2018/05/11 අද මේ දවස දක්වාම මා අත්විදි දේවල් හරහාය….සමාජය ගැන මට සැබෑම පාඩම කියාදුන් හැමෝටම පිං….

අප අනතුරට පත්වූ මොහොතේ පටන්ම අප වෙනුවෙන් ඉමහත් ඕනෑකමින් කටයුතුකල පින්වත් ස්වාමීන්වහන්සේලාට සහ ගිහිපින්වතුන්ටත්… අනතුර වූ ස්ථානයේදී අපව බේරා ගත් පින්වත් පිරිසටත් … පොලිසියේ රෝහලේ…සහ සියලුම අංශවලින් අපට උපකාර කල හැමෝටම ගොඩාක් පිං….

මම දැරණියගල ධම්මසාර ස්වාමීන්වහන්සේ