ලිංගික උම්මත්තයකු වූ ‘නිව්යෝර්ක්‌ නීතිපති සතෙක්‌” – ශ්‍රී ලාංකික පෙම්වතිය කියයි

835

කාන්තාවන්ට හිංසා කළ නිව්යෝර්ක්‌ නීතිපති එරික්‌ පෙනිඩර්මන් සත්වයෙක්‌ යෑයි ඔහුගේ ශ්‍රී ලාංකික පෙම්වතිය වූ ටාන්යා සෙල්වරත්නම් මැන්හැට්‌න් නීති කාර්යාලයේ පරීක්‍ෂණයක්‌ හමුවේ ප්‍රකාශ කර ඇත.

දිනකට වයින් බෝතල් 1 1/2 ක්‌ පානය කරන පෙනිඩර්මන් ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව දූෂණ චෝදනා මත නඩු පැවරූ බවත් ඊට එරෙහිව ට්‍රම්ප්ද නඩුවක්‌ ගොනුකර ඇති බවත් ඇය විසින් හෙළිකර තිබේ.

හිලරි ක්‌ලින්ටන් සමඟ සබඳතා පැවැත්වූ හෙතෙම තමාගේ උපන්දින සමරුමට ගෙන ආ කේක්‌ ගෙඩිය කැපීමට පවා ඉඩනුදුන් බවද ඇය අනාවරණය කර ඇත. මොහු විකෘති ආශාවලින් පෙළෙන අයෙක්‌ බවද ඔහු තමාට පහරදීම නිසා රෝහල් ගතවීමට සිදුවූ බවද ටාන්යා පවසයි.

නිව්යෝර්ක්‌ නීතිපති එරික්‌ ස්‌නේයිඩමාන් ඇමරිකා එක්‌සත් ජනපදයේ නීති ක්‍ෂේත්‍රයේ දැවැන්තයෙකි. එපමණක්‌ නොව මොහු කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රබල ක්‍රියාකරුවෙක්‌ ද විය. එහෙත් හිටි හැටියේ කාන්තාවන් සිවුදෙනකු එල්ලකළ කාන්තා හිංසා චෝදනාවක්‌ නිසා ඔහුට ඒ බලවත් තනතුර පමණක්‌ නොව ඔහුගේ කීර්ති නාමය ආදී සියල්ලම අහිමි විය.

ඒ සියල්ලට හේතු වූයේ ද නිව්යෝකර් සඟරාවේ පළ වූ ලිපියකි. නිව්යෝක්‌ නීතිපතිවරයාගේ හිටපු පෙම්වතියන් දෙදෙනකු ඇතුළු කාන්තාවන් සිවුදෙනකු ඔහු සම්බන්ධයෙන් කළ හෙළිදරව්වක්‌ එහි පළ වී තිබිණි. එරික්‌ ස්‌නේයිඩමාන්ගේ එක්‌ පෙම්වතියක්‌ වූයේ ශ්‍රී ලංකාවේ උපත ලද කාන්තාවක්‌ වූ ටාන්යා සෙල්වරත්නම් ය.

අනෙක්‌ ඔහුගේ හිටපු පෙම්වතිය මිෂෙල් මෑතින් බැරිෂ්ය. කාන්තාවන්ට දැඩි හිංසා පීඩා තර්ජන කරන අතරම සමාජයට හොඳ මුහුණ පෙන්වමින් “එරික්‌” කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම ඔවුන්ගේ දැඩි කෝපයට හේතුවක්‌ වීම මෙම හෙළිදරව්වට පසු බිම වී තිබිණි.

ඔහුගේ පෙම්වතියන් දෙදෙනාම ඔහුගේ පහරකෑම්වලට ලක්‌ව තිබුණේ ඔහු එම කාන්තාවන් දෙදෙනා සමඟ ම ලිංගික සබඳතා පවත්වන ලද කාලයේය. හැටතුන් හැවිරිදි නීතිපතිවරයා මිෂෙල් මෑතින් බැරිෂ් සමඟ ලිංගික සබඳතා පවත්වා තිබුණේ 2013 සිට 2015 දක්‌වා කාලයේදීය.

ටාන්යා සෙල්වරත්නම් සමඟ ඔහු ලිංගික සබඳතා පවත්වා තිබුණේ 2016 සහ 2017 වසරවලදීය. මේ දෙදෙනාම නිව්යෝර්ක්‌ මෑන්හට්‌න්හි වාසය කරන වයස අවුරුදු හතළිස්‌ ගණන්වල කාන්තාවන් වූහ.

මෑතින් බැරිෂ් හට 2013 වසරේදී නීතිපතිවරයා හමු වන විට ඇය තම සැමියාගෙන් දික්‌කසාද වී තම තරුණ දියණියත් සමඟ වාසය කරමින් සිටියාය. ඒ වනවිට නීතිපතිවරයා ද තම විවාහයෙන් දික්‌කසාද වී සිටියේය.

ටික කලෙකින්ම දෙදෙනා පෙම්වතුන් වූ අතර ඉන්පසු නීතිපතිවරයා තමන්ට අවශ්‍ය ආකාරයට ඇය මෙහෙය වන්නට පටන් ගත්තේය.ඔහු බීමත්වූ විට දැස රෞද්‍ර විය. අනෙකුත් අවස්‌ථාවලදී මෙන්ම ලිංගික සබඳතා අතරතුර පවා ඔහු තමන්ට පහරදුන් බව හා වධ දුන් බව මෑතින් බැරිෂ් පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ උපන් දැනට නිව්යෝර්ක්‌හි ජීවත්වන ටාන්යා සෙල්වරත්නම් ප්‍රබල කාන්තා ක්‍රියාකාරිනියකි. එසේම ඇය ගත්කතුවරියක මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරියකද වන්නීය.ඇය ද තම විවාහයෙන් දික්‌කසාද වී සිටින්නියකි. 2016 දී ෆිලඩෙල්ෆියා හි පැවැත්වුණු ඩිමොක්‍රැටික්‌ පක්‍ෂ සම්මේලනය අතරතුර ඇය එරික්‌ ස්‌නෙයිඩර්මාන් හමු විය.

ටික දිනෙකින් ඔවුහු පෙම්වතුන් බවට පත් වූහ.ලිංගික සබඳතාවලදී ඔහු තමන්ට පහර දුන් බවත්, පරිභව කළ බවත් ඇතැම් විට තර්ජනය කළ බවත් ඇය පවසන්නීය. ඔහුගේ ඇතැම් විට නොමනා ලිංගික ඉල්ලීම් කළ බවද ඒවාට එකඟ නොවූ විට පහර දුන් බවද ඇය පවසන්නීය. එසේම තමා හැර ගියහොත් ඇය මරා දමන බවට ද විටෙක නීතිපතිවරයා තර්ජනය කළේය.

මේ චෝදනා හේතුවෙන් නීතිපතිවරයාට වහාම ඉල්ලා අස්‌වන ලෙස නිව්යෝර්ක්‌ ආණ්‌ඩුකාර ඇන්ඩෲ කුමෝ දැනුම් දුන්නේය.නීතියට එපිටින් යන්නට කාටවත් බැහැ. නිව්යෝක්‌ නගරයේ ඉහළම නීති නිලධාරියාටත් එය එලෙසමයි යනුවෙන් ආණ්‌ඩුකාරවරයා පවසා තිබිණි.ඒ අනුව නීතිපති වරයාට වහාම තනතුරින් ඉල්ලා අස්‌වීමට සිදු විය. අදාළ චෝදනා පිළිබඳව මේ වනවිට පරීක්‍ෂණ ආරම්භ වී තිබේ.

එරික්‌ ස්‌නෙයිඩර්මාන් නිව්යෝර්ක්‌ සෙනෙට්‌ සභාවට පත් වූයේ 1998 දීය. ඔහු වසර දොළහක්‌ එම තනතුර දැරූ අතර එහි නීතිරීති පැනවීම සම්බන්ධයෙන් ප්‍රබල චරිතයක්‌ විය.කෙසේ වෙතත් ඔහුට එරෙහිව නැඟෙන චෝදනා ඔහු ප්‍රතික්‍ෂේප කරන අතර ඔහු පවසන්නේ අදාළ කාන්තාන් සමඟ ඔවුන්ගේ කැමැත්ත මත ලිංගික සබඳතා පැවැත්වූ බවය. කෙසේ වුවහොත් චෝදනා ඔප්පු වුව ඔහුට වන්නේ සිරගත වන්aනටය.

කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව ට ලොවට පෙන්වමින් ලොවම රැවටූ තවත් කාන්තා හිංසකයකුගේ නිරුවත ලොව හමුවේ හෙළිදරව් කරන්නට කාන්තාවන් සිව්දෙනකු මූලික වීමත් එයින් දෙදෙනකුම ඔහුගේම හිටපු පෙම්වතියන් වීමත් සැබවින්ම අපූරු කතාවකි.