ගොසිප්

එම්බාම් කරපු කාන්තා මළ සිරුර නිවසට ගෙන යද්දී මල් ශාලාවේ රියදුරුට වෙච්ච අකරතැබ්බය

මියගිය කාන්තාවකගේ එම්බාම් කරන ලද මළ සිරුරක් මල්ශාලාවේ සිට ඇගේ නිවසට රැගෙන යමින් සිටියදී මල් ශාලාවක වාහනය පැදවූ රියදුරුට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ පුවතක් වාර්තාවුණා.

Loading...

මේ පුවත් වාර්තාවන්නේ ගලෙන්බිඳුනුවැව කැකිරාව මාර්ගයේ දා දහ නවය කණුව ප්‍රදේශයෙන්.

එනම් මියගිය කාන්තාවගේ බීමත් සැමියා විසින් අදාළ රියදුරුට කළ පහර දීමකින් අනතුරුව මළ සිරුරද සමගින්, වාහනය පෙරලී ගොස් තිබීමයි.ප්‍රදේශවාසීන් පවසන පරිදි සිද්ධිය මෙසේය,

සිවලාකුලම උරාකොටේ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක මියගොස් ඇත්තේ පෙරේදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

පසුව මියගිය කාන්තාවගේ සැමියා ඇතුළු ඥාතීන් විසින් මළ සිරුර අවසන් කටයුතු සඳහා අවශ්‍යය පරිදී සකස් කිරීමට ගලෙන්බිදුනුවැව නගරයේ මල් ශාලාවකට මෘත දේහය භාරදී තිබෙනවා.

Loading...

එ අනුව මල්ශාලාවේ කාර්ය මණ්ඩලය විසින් මළ සිරුර සම්බන්ධයෙන් කළ යුතු සියලු කාර්ය භාරයක් නිම කොට එම මල්ශාලාවට අයත් ලොරි රථයකින් මියගිය කාන්තාවගෙ නිවස පිහිටි උරාකොටේ ගම්මානයට මළ සිරුර රැගෙන යෑමට සූදානම් කර ඇත.

ඒ වන විටත් අධික ලෙස බීමත්ව සිටි මියගිය කාන්තාවගේ සැමියා ද මල් ශාලාවේ වාහනයේ රියදුරු අසුනට යාබද ඇති අසුනට ගොඩවී වෙරි මතින් කියවමින් හඬා වැළපෙමින් ගමන් කර තිබෙනවා.

මෙම බීමත් සැමියා ගලෙන්බිඳුනුවැව කැකිරාව මාර්ගයේ දා හතේ 19 කනුව මරණාධාර සමිති ශාලාව අසල මාර්ගයේ ගමන් කරමින් තිබූ මල් ශාලාවේ වාහනයේ රියදුරුට පහරදී සුක්කානමෙන් ඇදීම හේතුවෙන් රියදුරුට වාහනය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් පිටතට වාහනය පෙරලී ගොස් තිබෙන බවයි පැවසෙන්නේ.

ලොරි රථය පෙරලීමෙන් එහි තිබූ මිනී පෙට්ටියට හෝ මියගිය කාන්තාවගේ සිරුරට කිසිදු හානියක් සිදු වී නොමැති අතර සිද්ධිය සැලවූ මල් ශාලාවේ හිමිකරු වහා එම ස්ථානයට පැමිණ ප්‍රදේශවාසීන්ගේද සහයෝගය ඇතිව තම ආයතනයට අයත් වෙනත් රථයකින් කාන්තාවගේ සිරුර බහලු මිනීපෙට්ටිය ඌරාකොටේ ප්‍රදේශයට පිටත් කළ බව සිද්ධිය ඇසින් දුටුවන් පවසනවා..

 

Related Posts