16 දෙනෙක් විපක්ෂයේ අසුන් ගනිති

387

ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 16 දෙනා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු විපක්ෂයේ අසුන් ගත්හ.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 16 දෙනා සභාව ආරම්භ වීමට පෙර සභාව මැදින් ගොස් විපක්ෂයේ අසුන් ගත්හ.

විපක්ෂයට පැමිණි මන්ත්‍රීවරු පිටව යද්දී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හූ හඬ නඟමින් කෑ කෝ ගැසු අතර ඒකබද්ධයේ මන්ත්‍රීවරු විසින් ඔවුන්ව අත්පොළසන් නාදයෙන් යුතුව හරසරෙන් පිළිගනු ලැබුහ.

අටවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භ කරමින් රාජාසන කතාව ඉදිරිපත් කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව හෙට (09දා) පස්වරු 1.00 දක්වා කල්දැමිණ.

බත්තරමුල්ල පාර්ලිමේන්තු වටරවුම අවට දැඩි මාර්ග තදබදයක් ඇති බව වාර්තා වෙනවා.ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පිළිගැනීම සඳහා ඔවුගේ ආධාරකරුවන් පාර්ලිමේන්තුව අසලට රැස්වී සිටීම නිසා මෙලෙස පාර්ලිමේන්තු වටරවුම අවට මෙලෙස මාර්ග තදබදයක් හටගෙන තිබෙනවා.