පොදු ජන පෙරමුණේ මැයි රැලිය අවසානයේ ජායාරුප කීපයකට දැඩි අවදානයක්

2252

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මැයි රැලිය අද ගාල්ල සමනළ ක්‍රීඩාංගණයේදී පැවැත්වුනා.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැලිය පැවැත්වුන අතර ඒ අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂයේ සියළු පක්ෂ නායකයින් රැලියට සහභාගී වී සිටියා.

ආණ්ඩුවෙන් ඉවත් වු ඇමැතිවරු 16 දෙනා අද (07) පොදුජන පෙරමුණු රැලියට සහභාගී වෙතියි බොහෝ දෙනා අතර මතයක් පැවැතියද කිසිදු අයෙක් පැමිණ නැති අතර ගම්පහ දිස්ත්‍රික් හිටපු නියෝජ්‍ය ඇමැති පණ්ඩු බණ්ඩාරනායක මහතා පමණක් මේ වන විට රැලියට සහභාගී සිටීයා.දිවයිනේ නන් දෙසින් පැමිණි පොදු ජන පෙරමුණේ අති විශාල ජනකායක් සමනල ක්‍රීඩාංගණයට රැස්ව සිටියා.

අද රැලිය අවසානයේ ජායාරුප කීපයක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක් වී තිබෙනවා.එනම් පවතී රැලිය අවසානයේ ගාල්ල සමනළ ක්‍රීඩාංගනය පිරිසුදු කරමින් කාටත් යහපත් ආදර්ශයක් මෙවර පොදුජන පෙරමුණෙන් ලබා දී තිබෙනවා.මිට පෙර අවස්ථාවලදී ජනතා විමුක්ති පෙරමුණද තම මැයි රැලි අවසානයේ මෙවැනි ආදර්ශමත් ක්‍රියා කර තිබෙනවා

ජායාරූප පහතින් නරඹන්න