ට්විටර් තියෙන අයට රතු නිවේදනයක් – වහාම දැනුවත් වෙන්න

382

ට්විටර් ගිණුමේ මුරපද වෙනස් කරන ලෙස ට්විටර් සමාගම සියලු පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

එම සමාගම පවසන්නේ පරිගනක වෛසරසයක් හේතුවෙන් මෙම ඉල්ලීම කරන බවයි. ලොව පුරා මේ වන විට ට්විටර් ගිණුම් හිමියන් මිලියන 336ක් සිටින අතර, ඒ සියලු දෙනාගෙන්ම මුර පද වෙනස්කරන ලෙස එම සමාගම අවධාරණය කරන සිටිනවා.

අදාළ වෛරසයට මේ වන විට පිළියම් යොදා ඇති බවත්, මුර පදය මාරු කිරීම මගින් තම ට්විටර් සමාජ ජාල ගිණුමේ ආරක්ෂාව තහවුරු වන බවත් එම සමාගම පවසනවා.

නමුත්, ට්විටර් ගිණුම් හිමියන්ගේ මුර පද යම් කිසි වෛරසයක් හේතුවෙන් ඔවුන්ගේ පද්ධතියේ එක් තැනක සාමාන්‍ය පරිදි ගබඩා වී තිබෙනවා.  මේ හේතුවෙන් ඇතිවිය හැකි අවදානම වළක්වා ගැනීම සඳහා මුර පද වෙනස් කරන ලෙසයි ට්විටර් සමාගම ඉල්ලා සිටින්නේ.