ගුණේ අයියගේ බජව් කාමරෙන් පටන් අරගෙන සින්දු ලිව්ව හේමසිරි හල්පිට නැති වුනේ අද වගේ දවසකයි

254

හේමසිරි හල්පිට…….වෙදදුව හෙවත් වාද්දුවේ උපත ලද හේමසිරි හල්පිට වාද්දුව මැදි විදුහලේ අධ්‍යාපනය ලබන කාලයේ සිටම ලිවීමට ඇබ්බැහි වූවෙකි.එම වකවානුවේ ලංකාදීප,වනිතා විත්ති,ඇතුළු පුවත්පත්,සඟරා රාශියකට ලිපි ලිවීමෙන් ඔහූ කලා ලොවට ඇතුලත් විය.

ගී පදරචනයේ අති දක්ෂයෙකු හැටියට සැලකුම් ලැබූ හල්පිටගේ සුරතින් ගී නිර්මාණ 6000ට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය විය. ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන් මහතා විසින් ඔහු වෙත දෙන ලද අභියෝගය නොවන්නට හල්පිට ගීත රචකයෙකු නොවීමට ද තිබුණි.

එය ශ්‍රී ලංකාවේ දෙවන කැසට් පටය ලෙසද දැක්විය හැක.එහෙත් එය නිහාල් නෙල්සන් මහතාගේ ප්‍රථම කැසට් පටයයි.”ගුනේ අයියගේ බජවු කාමරේ”ලෙස හැඳින්වූ එය ශ්‍රී ලංකාව සිසාරා අති ජනප්‍රිය විය.හල්පිටගේ මෙන්ම නිහාල් නෙල්සන් මහතාගේ මුල් නිර්මාණය වූ එය මාගේ මතකයේ හැටියට තවත් ඇති දක්ෂ සංගීත අධ්‍යක්සකවරයෙකු වූ ලාල් තේනබදු මහතාගේ මුල්ම ගී තනු නිර්මාණයයි.

එපමණක් ද නොව ඔහු ජිප්සීස් වෙනුවෙන් රචනය කරන ලද ලුණු දෙහි,කුරුමිට්ටෝ,ඔජායේ ද ප්‍රෙඩ් සිල්වාට රචනා කල තේ කුඩය,එඩ්වඩ් ජයකොඩි වෙනුවෙන් රචනා කරන ලද “නිහඬ කල්පනා ලොවක තනිවෙලා”මෙන්ම කීර්ති පැස්කුවල් වෙත රචනා කල “නීල අහසේ සැදැ වලාවන්” නාමල් උඩුගමට රචනා කල “නිසල වෙලා හද “ග්‍රේෂන් ජයමහ වෙත රචනා කල “සුදු මීදුම”රූකාන්ත-චන්ද්‍රලේඛා යුවලට රචනා කල “මනලෝලි මනමාලියේ”මෙන්ම

මායා දමයන්ති මහත්මියට රචනා කල “පුර හඳ ලෙස ඔබ සමකල”,සශිකා නිසන්සලාට “සඳ රෑට රෑට”T M ජයරත්න මහතා ට රචනා කල “සොවින් බර නුවන්”සහ “සීගිරි ළඳුනේ” මෙන්ම ගැලක්සීස් වෙනුවෙන් රචනා කල “සඳ බොඳවී”සහ “සඳ සිසිලේ”ගීත ද වුහ.එපමණක් ද නොව HR ජෝතිපාල මහතාට සහ මායා දමයන්ති මහත්මියට “ඔබට දිවුරා කියන්නම් “චිත්‍රපටය ඇතුළු චිත්‍රපට 200ට පමණ පසුබිම් රචනය කළේය.

ඔහුගේ සුරතින් ලියවුනු තවත් ගීත අතරට මේ රණ බිමේ- සන්ෆ්ලවර්ස්,අතුල අදිකාරි ට ලියන ලද තරහෙන් අහක බලා,සමිතා මුදුන්කොටුව ට ලියන ලද ආකාසේ වලා පෙලින්,ජගත් වික්‍රමසිංහ ට ලියන ලද ලයිල ලයිල ලා,රාජු බන්ඩාර ට ලියන ලද මා ආදරේ මුලු ලොවටත් වඩා,මරියසෙල් ගුණතිලක ට ලියන ලද පහන් නොවන රැයක,

නිරෝශා විරාජිනී ට ලියන ලද සිත හඬයි,සංජීවනී වීරසිංහ ට ලියන ලද ලස්සන මගේ සිත,මෙන්ම තවත් ජනප්‍රිය ගීත වූ සඳ රෑට රෑට,අසෝක වනයේ සරන්නේ,අවුරුදු 53යි වයස,රඹ කිඳ රඹන් කිකිඳ,සතුටින් නිදැල්ලේ,මල්වයසේ මගෙ නන්ගෝ,රන් යායේ,සිත් සිත්,HR ජෝතිපාල මහතා ට ලියන ලද නිදි නැති රෑ යාමේ,ඔබ මුලින් දුටුව දින මා,තනි වූ දා වෙරලේ,මහ සයුරේ ගැඹුරු දියේ වැනි ගීත ද දැක් විය හැක.

blue shadows සංගීත කණ්ඩායම ඉදිරිපත් කල සිරියලතා කැසට් පටයට ගීතයක් මදි වූ මොහොතක ඔහු සොයා ගිය මිලාන් රොද්‍රිගෝ, හල්පිට අයියේ, අපේ අලුත් කැසට් පටයට ගීතයක් ලියා දෙන ලෙස ඉල්ලා ඇත්ත.ඉතාමත් කාර්යබහුල මොහොතක වුව ද එම ඉල්ලීමට ඔහු පිටු පා නොමැත.

මොහොතකින් ඔහු ගීතයක් රචනා කොට ඔවුන්ට දී ඇත.එනම් සඳරේකා නම් වූ අදටත් අප ආදරයෙන් අහන ගීතයයි.හෙළ කළා කෙත ට අමිල නිමල මෙහෙවරක් කල ඔහු 2006 අප්‍රේල් මස 28 වැනි දින මෙලොව හැර ගියේ ලක්ෂ ගණනක් වූ රසික රසිකාවියන් හඬවමිනි.

හේමසිරි හල්පිට කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා !

උපුටාගැනීම – දිනේෂ් යද්දෙහිගේ ෆේස්බුක් පිටුවෙන්