ගොසිප්

බුකියේ කට්ටිය එකතු කරගෙන ගත්ත පාටිය ඉවර වුනේ මෙහෙමයි

මුහුණු පොතේ මිතුරු මිතුරියන්ගේ සාදයක්‌ අතර අම්බලන්ගොඩ ගොඩගම උත්සව ශාලාවක්‌ තුළ ගංජා, අබින්, හසීස්‌ මත්පෙති හා මුද්දර ළඟ තිබූ එකළොස්‌ දෙනකු සමග මත්ද්‍රව්‍ය තොගයක්‌ මීටියාගොඩ පොලිසිය මගින් 22වැනිදා දින සවස 6.00 ට පමණ අත්අඩංගුවට ගනු ලැබීය.

Loading...

බළපිටිය වැඩ බලන මහෙස්‌ත්‍රාත් මහතාගෙන් ලබාගත් හදිසි සෝදිසි වරෙන්තුවක්‌ මත මෙම වැටලීම කරන අවස්‌ථාවේ 200-250 පමණ පිරිසක්‌ සිටි බව පොලිස්‌ නිලධාරීන් පවසයි. ඔවුන් අතරින් එකොළොස්‌ දෙනකු ළඟ තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

මිතුරු හමුවට උත්සව ශාලාවට ඇතුළු වීමට රුපියල් තුන් දහසක්‌ ගෙවා අත්පළදාවක්‌ ලබාගත යුතු අතර පළඳනාව නැති අය උත්සව ශාලාවට ඇතුළත් කරගෙන නැත.

වැටලීම් කරන අවස්‌ථාවේ රූමත් තරුණ තරුණියන් සිටි බව පවසයි. 21 වැනි දින කොස්‌ගොඩ ප්‍රදේශයේ මෙවැනි හමුවක්‌ තිබී ඇති අතර 22වැනි දින ගොඩගමදී මෙම හමුව පැවති බව සැකකරුවන් පවසයි.

ඇල්පිටිය භාර පොලිස්‌ අධිකාරි නීතිඥ නිහාල් තල්දුව, සහකාර පොලිස්‌ අධිකාරි සමන් පුස්‌සැල්ල මහතාගේ උපදෙස්‌ මත සැකකරුවන් රඳවා ප්‍රශ්න කරන බවත් තවත් විශාල මත්ජාවාරමක මොළකරුවකු සොයා ගැනීමට හැකි බව පොලිස්‌ ස්‌ථානාධිපති එම්. ටි.එම්. තුෂාර මහතා පවසයි.

Loading...

අම්බලන්ගොඩ – බෙන්තොට කොස්‌ගොඩ මීටියාගොඩ පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් සමඟ නිලධාරීන් 50 දෙනකු මෙම වැටලීම සිදුකර ඇත.

 

 

Related Posts