සියළු බලාපොරොත්තු සුන් – ඩිලන්ත මාලගමුවට ඇබැද්දියක්

1590

ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය ධාවන ශූරී ඩිලන්ත මාලගමුව ඉතාලියේ මොන්සා (MONZA) ධාවන පථයේ ඊයේ සහ අද  පැවැත්වීමට නියමිතව තිබු ඩිලන්ත මාලගමුව මහතාගේ තරග දෙකම අවලංගු කර ඇත.

තරගය සදහා ධාවන පථයේ ස්ථානය තේරීම සදහා පැවති තරගයට සහභාගි වෙමින් සිටි අවස්තාවේ හතරවන වටය ධාවනය කරමින් සිටින විට රථය අනතුරකට පත්වීම හේතුවෙන් එම රථය යථා තත්ත්වයට පත් කරගැනිමට නොහැකී නිසාවෙන් හෙට දිනයේ පැවැත්විමට නියමිත තරගයද නොපැවත්වෙන බව ඩිලන්ත මාලගමුව මහතා පවසාසිටී.

පසුගිය වසරේ ප්‍රථම වරට යුරොපයේ තරඟ සඳහා සහභාගි වූ අතර එහිදී පළමු තරඟයේ දෙවනී ස්ථානය ලබා ගත් අතර,දෙවන තරඟ‍යේ තුන්වන ස්ථානය ලබා ගේන ශ්‍රීලංකා ධජය ඉතාලී අහස් කුස සිසාරා ලෙලද වන්නට ඩිලන්ත මාලගමුව සමත් වීය.

ක්‍රිඩා අමාත්‍යාංශයක් තිබුනද නමට පමනක් සීමාවූ කිසිදු සහයක් නොදක්වන අවකාශයක් තුල දැඩි කැපවීමෙන් රට වෙනුවෙන් තරඟ කිරිම ගැන අප ඩිලන්ත මාලගමුව මහතාව අගය කරන්නේමු.