එකක් දෙකක් දිනලා ලොවම ජයගත් විලසින් හැසිරෙන අයට සචින් නිරහංකාර බව යළිත් ප්‍රදර්ශනය කරයි

336

ලොව ටෙස්ට් හා එක්දින ක්‍රිකට් ලකුණුලාභීන්ගේ ලැයිස්තුවේ ප්‍රමුඛයා බවට පත්ව සිටින ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් මහාමාර්ගයේ ක්‍රිකට් ක්‍රීඩා කරනු අයුරු දැක්වෙන වීඩීයෝවක් අන්තර්ජාලයට එක්කර ඇත.

මේ දිනවල පැවැත්වෙන ඉන්දියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන උපදේශකයකු ලෙස කටයුතු කරන තෙන්ඩුල්කාර් ඔහුගේ මෝටර් රියෙන් ගමන් කරන අවස්ථාවේදී තරුණයන් පිරිසක් මාර්ගයේ අසල ක්‍රිකට් ක්‍රීඩා කරනු දැක වාහනයෙන් බැස නොපැකිළව එම තරුණයන් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී සිටින අයුරු එම වීඩීයෝවෙන් දිස්විය.

එම අවස්ථාවේදී තෙන්ඩුල්කාර් ක්‍රීඩා කරන අයුරු දුටු මාර්ගයේ ගමන් කළ සෙසු පිරිසද තමන්ගේ වාහන නතර කරමින් මේ දෙස බලා සිටීම හේතුවෙන් සුළු වේලාවකින් වාහන තදබදයක්ද ඇති වී ඇති බවද පැවැසේ.

කෙසේ වෙතත් ක්‍රිකට් ලොව වසඟයට පත්කළ මෙම අසහාය පිතිකරු නිරහංකාරව කළ මෙම ක්‍රියාව එක් තරගයක් හෝ දෙකක් ක්‍රීඩා කොට ලොවම ජයගත් විලසින් හැසිරෙන බොහෝ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගැඹුරු පාඩමක් මෙන්ම මානව හිතවාදී ආදර්ශයක් කියා දෙන බව නොඅනුමානය.

වීඩියෝව පහතින් නරඹන්න