කෝලි අනුශ්කට තියෙන ආදරේ ප්‍රේක්ෂකයෙක්ගේ ජංගම දුරකතනයේ සටහන් වෙයි

971

පසුගිය සිකුරාදා බැංගලෝරයේදී Royal Challengers Bangalore සහ King’s XI Punjab අතර පැවැත්වුණු IPL තරගය නැරඹීම සඳහා බොලිවුඩ් නිලි අනුෂ්කා ශර්මා, එහෙමත් නැත්තම් විරාත් කෝලිගේ බිරිඳත් ඇවිල්ලා හිටියා.

කොහොම වුනත් ඒ වෙලාවෙ Royal Challengers Bangalore කණ්ඩායමේ තරඟ වදින සිය සැමියා දිරිගන්වන්න අනුෂ්කා ලොකු උත්සාහයක් ගන්නවා.ප්‍රේක්ෂකාගාරයේ සිට අත්පොලසන් දෙමින් තම සැමියාට සහයෝගය ලබා දුන් ඇයට ප්‍රීතියක් ගෙන දෙමින් අවසානයේ කෝලිගේ කණ්ඩායම ජයග්‍රහණය කරනවා.ඒ අනුව් ක්‍රීඩා ලෝලීන් ප්‍රේක්ෂකාගාරය අසලට පැමිණ ජයග්‍රහණය දැඩි උද්යෝගයකින් සැමරුවා

හැබැයි ඊට පස්සෙ සිද්ධ වුනේනම් ටිකක් වෙනස් විදියෙ වැඩක්.

එහිදී යම් කලබලයක් ඇති වේ යැයි කෝලිට හිතෙන්නත් ඇති.මොකද ඉන්දියාවේ ක්‍රිකට් ලෝලීන් හරි අමුතුම කට්ටියක්නේ.ඒ සිද්ධිය තරඟය නරඹන්න ආපු ප්‍රේක්ෂකයෙකුගෙ ජංගම දුරකතයක සටහන් වෙලා තිබුනා. ඒ වීඩියෝවේ දැක්වෙන්නෙ මැච් එක ඉවර වුණාම කෝලි අනුෂ්කාට ඇමතුමක් අරගෙන අතිනුත් සංඥා කරලා එම ස්ථානයෙන් ඉවත්වෙන්න කියන ආකාරයක්.

එම වීඩියෝව සහ ඡායාරූප පහතින්.