මුල්කිරිගල රජමහා විහාරයේ සුදු පිරියම් කරපු නාමල්ට 32යි කාල්ටන් එකේ තීන්ත ගාන්නත් කාලේ හරි – Photo

1384

අපි නිතරම දකින්නේ තමන්ගේ නායකයන්ට සුදු හුණු ගාන මන්ත්‍රීවරු. මන්ත්‍රී කෙනෙක් සුදු පිරියම් කරනවා දැක ගන්න ලැබෙන්නේ කලාතුරකින්. ඊයේ (10දා) ට යෙදුනු තමන්ගේ උපන් දිනය නිමිත්තෙන් මුල්කිරිගල රජමහා විහාරයේ සුදු පිරියම් කිරීමේ කටයුත්තට නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා දායක වෙලා හිටියා.

මේ මාහැගි පිංකමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩි. වී චානක මහතා ඇතුළු ඔහුගේ තරුණ හිතවතුන් පිරිසක් සහභාගී වී සිටියා

කොහොම වුණත් කාටවත් සුදු හුණු ගාන්න යන්නේ නැතුව පන්සලේ සුදු පිරියම් කිරීම නම් හොඳ දෙයක්. දැන් ඉතින් 32 ක් වෙච්චි එකේ කාල්ටන් ගෙදරටත් තීන්ත ටිකක් ගාලා මංගල්ලයක් ගත්තොත් හොඳයි කියලයි අපට හිතෙන්නෙ.

සියළුම ජයාරූප පහතින් නරඹන්න