ක්‍රිඩා පුවත්

බර ඉසලීමේ පදක්කම් දිනූවන් පැමිණෙයි – බොක්සිං ගහන්න ගිය 8ක් සුපිරි ගේමක් දීලා

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් බර ඉසලීමේ ඉසව්වට තරග කළ කණ්ඩායම අද (11දා) දිවයිනට පැමිණියේය. බර ඉසලීමේ ඉසව්වෙන් රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Loading...

ඔවුන්ව පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියේය. බර ඉසලීමේ ඉසව්වෙන් ඉන්දික දිසානායක රිදී පදක්කමක්, චතුරංග ලක්මාල් හා දිනූෂා ගෝමස් ලෝකඩ පදක්කම බැගින් ජයග්‍රහණය කළහ.

මේ අතර කැමරූන් රාජ්‍ය නියෝජනය කරමින් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනෙක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ පිළිබඳව තොතුරු වාර්තා කරන බී.බී.සී. පුවත් සේවය තරගාවලියේ මාධ්‍ය නිලධාරී සයිමන් මොලෙම්බේ උපුටා දක්වමින් පවසන්නේ එය පළා යෑමක් ලෙස දකින බවයි.

තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙක් අතුරුදන්ව ඇති බව කැමරූන් කණ්ඩායමද තහවුරු කර තිබේ. බර ඉසලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක් හා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩකාවන් පස් දෙනෙක් මෙසේ අතුරුදන්ව තිබේ.

Loading...

ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට මැයි 15දා දක්වා වීසා පවතින බවටත් වර්තා වේ. මෙම පළා යෑම පිළිබඳව කනගාටුවන බව පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේ මාධ්‍ය නිලධාරී සඳහන් කරයි.

මේ පිළිබඳව ඔස්ට්‍රේලියාන් ෆෙරරන් පොලීසිය අවධානය යොමුකර ඇතැයිද බී.බී.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

Related Posts