Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

එක් රැයකට කෝටි 8යි – පළමු අභ්‍යාවකාශ හෝටලය විවෘත වෙයි

1667

එක් දිනක් තුළ අරුණාලෝකයත් රක්ත වර්ණයෙන් හිරු බැස යාමත් 16 වරක් බලන්නට ඔබ කැමතිද? කිසිදු ආම්පන්නයක් පලඳින්නේ නැතිවම පාවෙවී ඉන්නට ඔබ කැමැතිද? විශ්වයේ සිට අපගේ පෘථිවියේ සුන්දරත්වය දැක ගන්නට ඔබ කැමැතිද?

විස්මිත විශ්වය රස විඳිමින් අධි සුඛෝපභෝගී අරුම පුදුම අත්දැකීමක් ලබා ගන්නට කැමැති පුද්ගලයන්ට එ් සඳහා අපූරු අවස්ථාවක් වසර 2022 සිට හිමි වේ. වසර 2020 වන විට මෙම අපූරු අභ්‍යාවකාශ හෝටලය සම්පූර්ණයෙන් නිම කිරීමට අපේක්ෂිතය. ඩොලර් මිලියන 10ක් වැය කිරීමට ඔබ කැමැති නම් එ් අපූරු අවස්ථාව උදාකර ගැනීමට ඔබට හැකියාව ලැබේ.

Loading...

ලොව පළමු අභ්‍යාවකාශ අධි සුඛෝපභෝගී හෝටලය වන ‘අවුරෝරා ස්ටේෂන්’ පිළිබඳ නිල වශයෙන් කැලිෆෝනියාවේ සැන් ජෝස්හිදී පළමු වරට නිවේදනය කෙරිණි. එ් එහි පැවැති අභ්‍යාවකාශ සමුළුවේදීයි. අමෙරිකාව මූලික කරගත් ඔරියන් ස්පෑන් අභ්‍යාවකාශ තාක්ෂණ ව්‍යාපෘතිය විසින් මෙම හෝටලය ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

මෙම අභ්‍යාවකාශ හෝටලය ඉදිකරනු ලබන්නේ පෘථිවියට සැතපුම් 200ක් එපිට අභ්‍යාවකාශයේය. එනම් පෘථිවියේ පහළ කක්ෂයේය. එහි ඇතුළත අඩි 35ක් දිගකින් හා අඩි 14ක් පමණ පළලින් යුතු වේ. එහි සිට බලන අයකුට නිල් පැහැති පෘථිවියේ සුන්දර දර්ශනය අත්විඳිය හැකිය. කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු ඇතුළුව එක් වරකට පුද්ගලයන් 6 දෙනකුට මෙම අභ්‍යාවකාශ හෝටලයේ පහසුකම් සැලසීමට හැකියාව පවතී.

එක් රැුයකට වැයවන මුදල ඩොලර් 791,666කි. ඩොලර් මිලියන 10ක මුදලකට එක් අයකුට දින 12-14ක කාලයක් සඳහා නවාතැන් ගැනීමට හැකි පරිදි සැලසුම් කර ඇත. සෑම විනාඩි 90කට වරක් නැෙඟන හිරුගේ දසුන, බැස යන හිරුගේ දසුන අත්විඳීමට මෙහිදී හැකියාව ලැබේ.

මේ දිනවල සිදුකරනු ලබන්නේ අභ්‍යාවකාශය තුළ වැඩෙන එළවළු, පලතුරු පිළිබඳ අත්හදාබැලීම් බව ව්‍යාපෘති සාමාජිකයන් පවසා තිබේ. එය මෙහි පැමිණෙන්නන්ට පෘථිවියේ වාසය කරනවා වැනි ප‍්‍රබෝධමත් හැඟීමක් දිය යුතු නිසා සැලසුම් කරන බව ඔවුන්ගේ අදහසයි. අභ්‍යාවකාශ හෝටලයට පැමිණෙන අයට වඩාත් අපූරුතම අත්දැකීම වනුයේ ගුරුත්වාකර්ෂණයක් නොමැති හෝටලය තුළ පාවීමට ඇති හැකියාවයි. හෝටලය පුරා රිසි සේ පාවීමට ඔවුන්ට හැකියාව සැලසෙනු ඇත.

මෙම හෝටලයට පළමු පාරිභෝගිකයා 2022 දී ගෙන්වා ගැනීමට ඔරියන් ව්‍යාපෘතිය කටයුතු කරයි. ඔවුන් පවසන පරිදි ඩොලර් 80,000ක තැන්පතු භාර ගැනීම දැනටමත් සිදුවේ. එය යළි ගෙවීමේ පදනම මත භාරගැනේ. එ් අනුව අයකුට වැය වන මුළු මුදල ඩොලර් මිලියන 9.5ක් පමණ වනු ඇති බව ව්‍යාපෘති භාර නිලධාරීන් පවසා තිබේ.

හෝටලයට යන ඕනෑම අයකුට එහි තත්ත්වය පිළිබඳ මාස 3ක පුහුණුවක් සමඟින් ඔරියන් ස්පෑන් ඇට්‍රොනොට් සහතිකයක් හිමිවේ. මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරන්නන් වසර 140ක ඉතිහාසයක් පුරා අභ්‍යවකාශ අත්දැකීම් ඇති පිරිසක් බව ඔවුහු තහවුරු කරති.

එහෙත් අභාග්‍යයකට මෙන් මේ අවස්ථාව හිමිකරගත හැක්කේ බිලියනපතියන්ට පමණි. එහෙත් හැකි ඉක්මනින් අභ්‍යාවකාශ සුපිරි හෝටලයේ මිල ගණන් හැකිතාක් අවම කිරීම තම අරමුණ බව ඔරියන් ස්පෑන් ව්‍යාපෘතියේ බලධාරීන් කැලිෆෝනියාවේ පැවැති අභ්‍යාවකාශ සමුළුවේදී පොරොන්දුවක් දී තිබේ.