ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් අරක්කු පෙරලා මාට්ටු – පොඩි ගානක් එහෙම නෙමෙයි බැරල් 10 ක්

1390

නීති විරෝධී ලෙස කුවේටයේ මත්පැන් නිෂ්පාදනය කළ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක් එරට ආරක්ෂක අංශ විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇතැයි එරට වාර්තා පෙන්වාදේ.මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූවේ කුවේටයේ ගෘහසේවිකාවක් වශයෙන් සේවය කළ ලාංකික කාන්තාවක් බව ඇරැබ් ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් සදහන් කරයි.

ෆයිහා ප්‍රදේශයේ සැකකටයුතු ස්ථානයක නීති විරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කර අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් පසුපස හබාගිය කුවෙට් පොලිසියට සැකකටයුතු ලංකික කාන්තාව හා මත්පැන් ඇය විසින් නිෂ්පාදිත මත්පැන් බෝතල් 400 ක්,බැරල් 10ක්,මත්පැන් පෙරීම සඳහා භාවිතා කරන දඟර 13ක් ඇතුළු තවත් උපකරණ තොගයක්ද සමග කුවේට් පොලීසිය විසින් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව ඇරැබ් ටයිම්ස් පුවත්පත කරුණු අනාවරණය කරයි.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකාර ලාංකික කාන්තාවට එරෙහිව එරට ෂාරියා නීතිය යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව කුවේට් පොලීසිය සදහන් කර තිබේ.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ ජායාරූප පහතින් නරඹන්න