Uncategorized

මෙන්න බුකියට ලොග් වෙලා මාරයා ලගට අරන් යන ත්‍රි වීල් අයියෙක්

ඊයේ දිනයේ සමාජ ජාල වල තරමක් ප්‍රචලිත වුනු වීඩියෝවක් ඔබ දකින්න ඇති. රාත්‍රියේ පැවති ධාවනය කරන ලද ත්‍රි රෝද රථ දෙකක් අතර තරගයක්.මෙහිදී එක් ත්‍රි රෝද රථයක් අනතුරකට ලක් වුනා.

Loading...

‍පොලිසිය පැත්තෙන් කියන්නේ කොළඹ නගරයේ නයිට් රේස් පවත්වන්නේ මෝටර් රථවලින් පමණක් නොවන බවය. යතුරු පැදි මෙන්ම ත්‍රිරෝද රථ රේස්ද දැන් කොළඹ නගරයේ මාර්ගවල වැහි වැසී ඇති බව සඳහන්ය. ත්‍රිරෝද රථ රේස් පදින්නේ රෝද දෙකෙනි.

මෙම තරග වැඩි හරියක් සංවිධානය වන්නේ සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රි කාලයේදීය. ඩුප්ලිකේෂන් මාර්ගය, ගාලු පාර, ග්‍රීන්පාත්, නෙළුම් ‍පොකුණ පාර, පිත්තල හන්දිය, ධර්මපාල මාවත, යන මාර්ග ආශ්‍රිතව බහුල වශයෙන් මෙම නයිට් රේස් පැවැත්වෙන බව ‍පොලිසිය පැත්තෙන් කියන කාරණාවකි.

ඔවුන් වැඩි වශයෙන් නයිට් රේස් සඳහා යොදා ගන්නේ වන්වේ මාර්ගයන්ය. මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට පමණක් නොව, ‍පොලිසියේ වාහනවලට පවා වෙට්ටු දමමින් ඔවුන් රේස් පදින්නේ ‍පොලිසියට කිසි විටකත් ඔවුන් අල්ලා ගන්නට ඉඩක් නොතබමිනි.

කොළඹ නගරයේ සවිකර ඇති ආරක්ෂක කැමරාවල රාත්‍රී කාලයට පැහැදිලි දර්ශන නොලැබෙන බැවින් නයිට් රේස්කරුවන්ට එය මහත් ආශිර්වාදයක් වී ඇත. වැඩි හරියක් රාත්‍රි කාලයට නයිට් රේස් යන්නේද ‍පොලිසියේ ආරක්ෂක කැමරා ඇති මාර්ගවල වීමද විශේෂිතය.

Loading...

ඒත් අපි මේ කියන්න යන්නේ වෙනස්ම කතාවක්.ත්‍රි රෝද රථ රියදුරෙක් කුලී ගමනක් යන විට තම ජංගම දුරකතනයෙන් සමාජ ජලා වෙබ් අඩවි වෙත පිවිස ධාවනය කරන අවධානම් සහිත වීඩියෝවක් හොදම ගොසිප් අපට ලැබී ඇත.පහතින් නරඹන්න

Related Posts