Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

මැද පෙරදිග නම් යන්න එපා.! මරණය පෙනී පෙනී සෞදියෙන් බේරී ආ ලසඳාගේ සංවේදී කතාව

682

අපේ රටේ කාන්තාවන් ගොඩක් රට රැකියාවට යන්නෙ ඉක්මනින් දියුණු වෙන්න, තමන්ගෙ දරුවන්ට උගන්නන්න මේ වගේ බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙන. නමුත් සෞදි අරාබිය ඇතුළු මැද පෙරදිග රටවල් වල ගෘහ සේවයට යන අපේ කාන්තාවන් මුහුණ දෙන අත්දැකීම්නම් ඒ තරම් සුන්දර නැහැ. බොහෝ කලක් තිස්සේ අරාබි රටවල් වලට යන අපේ කාන්තාවන් මුහුණ දුන් විවිධ දුක් කරදර ගැන අපි ඕනෑ තරම් අසා තිබෙනවා.

එවන් වූ තවත් සංවේදී කතාවක් පසුගියදා අපිට අසන්නට ලැබුනා. ගලේවෙල පත්කොළගොල්ල ගමේ පිදිංචි ඩී.එම්. ලසඳා මැණිකේ නමැති 48 හැවිරිදි කාන්තාවක් මුහුණ දුන් අවාසනාවන්ත අත්දැකීම් සමූහය ඇය කියන්නේ මේ වගේ කතාවක්.

Loading...

”සැමියා මගෙන් වෙන් වෙලා ජීවත් වෙන්නේ. මට දුවයි පුතයි ඉන්නේ. දුව විවාහ වෙලා ඉන්නේ ගලේවෙල පත්කොළගොල්ල තරුණයකු සමඟයි. පුතාට අධ්‍යාපනයට මුදල් සෙවීමට 2016 ඔක්තෝබර් මාසයේ මම අතරමැදියකු මාර්ගයෙන් කොළඹ පුංචි බොරැල්ල ප්‍රදේශයේ පිහිටි රැකියා ඒජන්සියක් හරහා සෞදි අරාබියේ ගෘහ සේවයේ රැකියාවකට ගියා.

එසේ ගොස් පසුගිය 2018 මාර්තු 26 වැනි දින ආපසු ලංකාවට එන තුරු මම ජීවිත ආශාව අත්ඇරලයි සිටියේ. රැකියා ඒජන්සිය මට පොරොන්දු වූයේ රියාල් 1125ක වැටුපක් දීමටයි. නමුත් ලැබුණේ රියාල් 1000යි. ගෙදරට එවන්නට හැකි වුණේ මාස 04ක වැටුප් පමණයි. නිවාස 04ක සේවය කළා. එහිදී සතුන් බලා ගැනීමට සිදුවුණා. බදාම ඇනුවා. බ්ලොක් ගල් ඉස්සුවා. විටින් විට නිවාසවල සේවයට එක්කන් ගියා. ඒජන්සි 22ක පමණ නිකරුණේ කාලය ගත කරන්නට සිදුවුණා. විටින් විට ඒජන්සි ප්‍රධානියාගේ අමානුෂික පහරදීම්වලට ලක්වුණා. මට පහරදීම් කළේ තාරික් නමැති පුද්ගලයායි.

මම රට යෑමට පෙර ලබාගත් රුපියල් ලක්‍ෂ එක හමාරක් ආපසු දුන්නේ නැත්නම් බෙල්ල කපා මරා දමන බවට තර්ජනය කළා. මාසා කියන කාන්තාව මට පොල්ලෙන් අමානුෂික ලෙස පහර දුන්නා. මම සේවය කළ එක් නිවාසයක අයිතිකාරියගේ අවුරුදු 18ක් පමණ තරුණයෙක් මට අතවර කරන්නට උත්සාහ කළා කියා පැනලා ගොස් ඒජන්සියට ගියා.

එහිදී මම ඒජන්සියට කරුණු පැහැදිලි කළත් ප්‍රතිඵලයක් ලැබුණේ නෑ. පොලිසියටත් ගියා. අවසානයේදී මම එම රටේ නොයකුත් කාර්යාලවලට ගොස් මට වූ අතවර ගැන පැමිණිලි කළා. ඊට පසුව මගේ දුව ලංකාවේ ඒජන්සියට පස් පාරක් විතර ගියා. මාව ආපසු ගෙන්වා දෙන ලෙස ඉල්ලා සිටියා. ඒ සඳහා ඒජන්සිකරු ලක්‍ෂ ගණනක මුදලක් ඇයගෙන් ඉල්ලා තිබෙනවා. අවසානයේදී විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට දැන්වූ විට මාව ගෙන්වා දීමට රුපියල් ලක්‍ෂ 04ක් ඉල්ලනවා කිය දුව මට දැන්වූවා.

මේ සියලු දුක් විඳ දරාගෙන සිටින විට එක දිනක් ඒජන්සියේ අයිතිකරු ‘වැටුප් ලබා ගත්තා, පහර දුන්නේ නෑ’ ආදී කරුණු සඳහන් කළ ලිපියකට මගෙන් බලෙන් අස්සන් ගත්තා. අවසානයේදී දින 27ක් නිවෙසක කළ සේවය සඳහා ලැබුණු වැටුපෙන් ටිකට් එකක් හදාගෙන ලංකාවට ආවා.

මෙම පහරදීම් නිසා මගේ කොන්ද, බෙල්ල, අතපය ආදිය ඉදිමෙන්න පටන් ගත්තා. මට දැන් හරියට වැඩක්පළක් කරගන්නට බෑ. ඇටකෝටු අස්සේ කැක්කුමක් තියෙනවා. මේ විධියට නොවිඳිනා දුක් විඳින ලංකාවේ කාන්තාවන් තුන් හාරසීයක් පමණ ඒ රටේ දුක් විඳිනවා. ඔවුන් අතර ගැබිනි කාන්තාවන් හා මානසික ආබාධ ඇති කාන්තාවන්ද සිටිනවා. මෙවැනි තැනැත්තියන් විදෙස් ගත කිරීම ගැන අදාළ ඒජන්සි වග කිව යුතුයි. ඇතැම් කාන්තාවන් ලිංගික අතවරවලට පවා ලක් වෙනවා.

මගේ පුතා මෙවර උසස් පෙළ විභාගය ඉහළින් සමත්වී සිටීම නිසා ඔහුගේ අධ්‍යාපනයට මේ වෙලාවේ මුදල් අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා දැන් මට අවශ්‍ය වී ඇත්තේ වසරක පමණ හිඟ වැටුප් ලබා ගැනීමටයි. ඒ සඳහා කටුනායක ගුවන්තොටුපළහි පිහිටි විදෙස් රැකියා නියුක්ති කාර්යාංශයේ සහන පියසට පසුගිය මාර්තු 26 වැනි දින පැමිණිල්ලක්ද කළා. එම මුදල හා වන්දි මුදලත් ලබා ගැනීමට උපකාර කරන මෙන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ රටේ කාන්තාවන්ට මම දෙන එකම අවවාදය කුලී වැඩක් කරලා හරි ජීවත් වෙන්න. ගෘහ සේවය සඳහා මැදපෙරදිග නොයන්න කියලායි.”