ප්‍රාදේශීය සභා සභාපති රජරටින් වැඩ පටන් ගනියි – පොලිසියේ දෙදෙනෙක් රෝහලේ

1417

පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරියට බාධා කර ඔවුන් සතු ගිනි අවි පැහැර ගැනීමට උත්සාහ කළැයි සැකපිට තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තමන්කඩුව ප්‍රාදේශීය සභාවට තරග වැද ඉකුත් දා සභාපතිවරයා ලෙස පත්වූ ප්‍රේමසිරි මුණසිංහ මහතා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි.

මෙම සභාපතිවරයාගේ කැබ් රථය කදුරුවෙල නගරයේ ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස නවතා තැබීම හේතුවෙන් එය ඉවත් කර ගන්නා ලෙස පොලිසිය දැනුම් දී ඇති බවත්, ඒ සමඟ සභාපතිවරයා ඇතුඑ පිරිස කැබ් රථයෙන් බැස මහ ජනතාව බලා සිටියදීම පොලිස් නිධාරින්ගේ අවිත් පැහැරගෙන පහර දී ඇති බවත් පොලිසිය කියයි.

පහරකෑමට ලක්වූ පොලිසියේ දෙදෙනා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබති.

අත්අඩංගුවට ගත් තිදෙනා ද ප්‍රතිකාර සඳහා රෝහල් ගත වී තිබේ.