ගොසිප්

හුළුගඟේ නාන්න ගිහින් ජිවිත අහිමි කරගත් ඇගළුම් කම්හලේ සේවකයෝ

පන්විල පොලිස්‌ වසමේ හුළුගඟේ අතු ගංගාවක්‌ වන දළුඔයේ කළු පාලම අසල ප්‍රදේශයේ පෙරේදා (7දා) දියනෑමට ගිය කොළඹ ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවිකාවන් 03 ක්‌ සහ සේවකයන් 02 ක්‌ සැඩපහරට හසුව ගසාගෙන ගොස්‌ මියගොස්‌ ඇත.

Loading...

මෙසේ මියගොස්‌ ඇත්තේ මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි ෂෙරිලින් ඇන්ඩි්‍රයා බෙන්ස්‌ (26), වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ගජන් ශිවනාදන් (26), මොරටුව රාවතාවත්ත 06 වන පටුමගේ පදිංචි ෆාතිමා නුස්‌පා නියාස්‌ (23), ගනේමුල්ල, පහළයාගොඩ පදිංචි පෙරුම්බුලි ආරච්චිලාගේ සුසිල් මංජුල, කිරිඳිවැල මැද්දේගම පදිංචි මධුෂාන් ප්‍රියංකර ප්‍රේමකුමාර (28) යන පස්‌දෙනායි.

මියගිය අය සමඟ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් 19 දෙනකුගේ කණ්‌ඩායමක්‌ පෞද්ගලික සංචාරයක නිරතව සිටියදී මෙම අනතුරට ලක්‌වී තිබේ.

මෙම පිරිස පන්විල දළුඔයේ පාලම අසල හෝටලයක්‌ කුලියට ගෙන නතරව සිට දියනෑමට ගිය අතරතුර මෙම චේදවාචකයට මුහුණපා ඇතැයි පන්විල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ආර්. එම්. සෙනවිරත්න මහතා ඊයේ (08දා) පැවැසීය.

Loading...

මෙම පිරිස හෝටලයේ සිට කිලෝමීටර් තුන්කාලක්‌ පමණ පහළින් දියට බැස නාමින් සිටියදී ජල මට්‌ටම ඉහළ ගොස්‌ ඇති අතර එකවර පැමිණි ජල කඳකට හසුව පස්‌දෙනාම ගසාගෙන ගොස්‌ ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ. පිරිස දියනෑ ස්‌ථානයේ පිටස්‌තර කිසිවකුටත් යා නොහැකි බවත් ගම්වාසීන් පවා මෙම ස්‌ථානයේ දියනෑම සිදුනොකරන බවත් පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා කීය.

වැසි නොමැති කාලයේ මෙම ස්‌ථානයේ දියනෑවත් වැසි ඇතිවිට මෙම ස්‌ථානයේ දිය නොනාන බවද ඒ මහතා කීය. පිරිස දියනෑමට යනවිට ජංගම දුරකථන ආරම්භ වන ස්‌ථානයේ තබා ගොස්‌ ඇති බවත් ගඟේ ජලකඳ වැඩිවන බව ඉහළ සිටින අයට දැන්වීමට මේ නිසා ඔවුන්ට අවස්‌ථාව ලැබී නොමැති බවත් පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා පවසයි.

අන්තර් ජාලයෙන් පරීක්‍ෂා කර ඔවුන් එම ස්‌ථානයට පැමිණ ඇති බවද කී තරුණ තරුණියන් තමන් නොදන්නා ස්‌ථානවලට පැමිණීමේදී වඩාත් සැලකිලිමත් වනවා නම් මෙවැනි අනතුරු මගහරවා ගතහැකි බවත් පොලිසිය අවධාරණය කර සිටී.

පුතා වතුරට හරි බයයි. ගඟේ නාන්නේ නෑ. පීල්ලෙන් තමයි නාන්නේ. මම ගිහින් එන්නම් අම්මේ කියලා අම්මටයි තාත්තටයි දෙන්නටම වැඳල ගියේ. මේ ගමේ හැමෝගේම ආදරය දිනා ගෙන හිටපු පුතා අපිව දාලා ගියා. මධ්‍යම පළාතේ මහනුවර හුළු ගඟේ දිය නෑමට ගොස්‌ මියගිය පස්‌දෙනා අතුරින් එක්‌ අයෙකු වූ ගනේමුල්ල මාහේනවත්තේ තිස්‌ හැවිරිදි සුසිල් මංජුල තරුණයාගේ නිවසට ගිය අපට ඔහුගේ නැන්දා වූ පී.ඒ. පුෂ්පා මහත්මිය වේදනාබරව පැවසුවාය. මියගිය මංජුලගේ මව වන චන්ද්‍රනී මානෙල් මහත්මිය ශෝකී බරව විලාප නගමින් සිටියාය.

මංජුලගේ නැන්දා වූ පුෂ්පා මහත්මිය මෙසේද කීවාය., මේ පවුලට හිටපු එකම පිරිමි දරුවා මංජුල. මංජුලට අක්‌කලා දෙන්නයි. එයා වැඩ කළේ දොම්පේ ඇඟලුම් ආයතනයක සම්බන්ධීකරණ නිලධාරි ලෙස උසස්‌ තනතුරක්‌ ලැබෙන්න තිබුණ දවසේ තමයි මේ අවාසනාවන්ත සිදුවීම වුණේ.

මංජුල ඉගෙන ගත්තේ යාගොඩ ලුම්බිනි විදුහලේ. උසස්‌ පෙළ විභාගයට පෙනී සිටියේ බණ්‌ඩාරනායක විදුහලේ. අධ්‍යාපනයට ක්‍රීඩාවට හා සංගීතයට දක්‌ෂයි. ඒ චාරිකාව ගිහින් එදා දහවල් මංජුල අම්මාට කතා කරලා තියෙනවා. අපි නාන්නයි හදන්නේ කියලා තියෙනවා. ඊට පැයකට විතර පස්‌සේ අම්මා කෝල් කළාට කතා කරලා නැහැ. පසුව අපි සිද්ධිය දැන ගත්තා

Related Posts