බුකියේ සටහනක් දස අත පැතිරෙයි – දැන් ඉන්න මැති ඇමතිලටත් අයටත් හොඳ පාඩමක්

5307

හිටපු අමාත්‍යවරයෙක් වන මහින්ද විජේසේකර මහතා දැනට වසර කීපයක සිට තරමක් අසනිපවයි සිටින්නේ.එවකට කොටි ත්‍රස්තවාදීන් විසින් මාතරදී එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් නිසා මෙසේ රෝගාතුර විය.නමුත් අපි මේ ගෙන එන වාර්තාව මේ වන විට සාමාජ ජාල මාධ්‍ය ඔස්සේ නැවතත් හිටපු අමාත්‍යවරයා ගැන කතා බහට ලක් වී ඇත.ඊට අදාල සටහන පහතින් නරඹන්න 

මහින්ද විජේසේකර ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකුට මේවන විට අමතක වී හමාරය. එතරම්ම කාලයක් ඔහු දේශපාලන තිරයෙන් නොපෙනී ගොස් කාලය ගතවී ඇත.ජීවිත කාලයේ කල පව් බලවත් වී ඇත.

වරක් මොහු ධීවර ඇමතිව සිටි සමයේ නාරා ආයතනයේ මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයකට ගොස් එහි අභිජනන ක්‍රියාවට සිටි මත්ස්‍යයින් තෝරා අද හෝ හෙට බිත්තර දහ දාහක් පමණ දැමීමට සිට් මත්ස්‍යයේ පෙන්වා මේ මත්ස්‍යායාම අද රාත්‍රී තමාට කෑමට සකස් කර දෙන ලෙස අනකරන ලද අතර වෙනත් මස්‍යයෙකු තෝරා ගන්නා ලෙස සේවකයින් කල ඉල්ලීමද පසෙක දමා ඇත. මැරී සිටි මත්ස්‍යයෙකු ආහාරයට ගැනීමත් තමා විසින් අන කර මරාගෙන කෑමත් දෙවර්ගය බල සහිත පාපයන්ය. එයටත් වඩා ගැබිනි මත්සයෙකු ගැබිණි බව දැන දරනම අන කර මරාගෙන කෑම ඊටත් වඩා බලවත් පාපයෙකි. මැරීමට තවත් මසුන් සිටියදී ඒ අතරින් ගැබිනියම තෝරාගෙන මරා කෑම ඒ හැමටම වඩා කිසිදාක ගැලවිය නොහැකි අති ප්‍රබල පාපයකි.

මෙය මට පවසන ලද්දේ එම ස්ථානයේ සිටි මාගේ මිත්‍රයෙකි. මේ ඔහු කල එක පවක් පමණයි. තවත් කප්පරකට පවු කර ඇත. අනෙක් ඒවා මෙහි කීම නොවටී යයි හැඟේ නොකීවද දකුණු ප්‍රදේශයේ බොහෝ දෙනෙක් සහ ඔහු ඇමති කම් කල අමාත්‍යංශවල බොහෝ දෙනෙක් ඒ පිළිබඳව අපටත් වඩා හොදින් දනී.

ඒ අතර තම හිතු මතයට චිරාත් කාලයක් සිට පැවත එන දෙවි නුවර විශ්ණු දේවාලය වෙනස් කිරීමේ සැලසුමක්ද විය. කෙසේ වෙතත් විශ්ණු දෙවියන්ගෙන් ඊට ඉඩ නොලැඹිණි. ඊට පෙර ඔහු රුදුරු LTTE ත්‍රස්ත ප්‍රහාරයකින් ඔත්පල විණි. එවකට ඔහු කෙතරම් බලවත් පුද්ගලයෙක් වුවද කෙතරම් මුදල් උපායා තිබුනද ලොව ඇති උසස්ම තාක්ෂනයටවත් ඔහු ප්‍රකෘති තත්වයට සුවපත්.කල නොහැකි විය. අද හේ කිසිවෙක් නොසලකන හැමටම අප්‍රිය ලෙස හැසිරෙන මණුශ්‍ය ප්‍රේතයෙකි. වෙනත් අය ප්‍රේත ආත්ම ලබන්නේ මිය යාමෙන් අනතුරුවයි නමුත් විජේසේකර මිය යාමටත් මත්තෙන් මනුෂ්‍ය ප්‍රේතයෙකු ලෙස වසර ගනනක සිට හැසිරෙයි.

ඔහුකල පව් එපමණකටම දරුණුය. ඔහු බලයේ සිටි කල ඔහු සොයා අළුත් අවුරුද්දට බුලත් දී දන ගසා වැද වැටුණු පාෂිකයෝ වසර ගණනක සිට බෙහෙතකටවත් සොයා ගැනීමට නොමැත. බුදු සර් සර් වෙණුවෙන් අපි අබේ ජීවිතය උවත් දෙනවා යැයි චාටු බස් දෙසමින් ඔහුගෙන්ම කකා බිබී ඔහුව පාපයට පෙලඹවූ ඔහුවටා සිටි ඇම්බැට්ටයන්ද අද නැත. ඔහු කල පව් අද ඔහු තනියම විදවමින් සිටී. මෙයයි ලෝක සත්‍ය.

මේවා ගැන සොයා බැලීමක් පාර්ලිමේනතුවේ වර්තමාන 225 දෙනාට නැත එහෙයින් ඔවුන් සිත් සේ ජනතාව පීඩාවට පත් කරමින් සොරකමේ සහ පාපයේම නියැලෙයි. ඔවුන්ටද මේ ගැඹුරු සසරේ ගැලවීමක් නොමැත. උසාවි සහ නීථිය මෙන්ම දඬුවම්ද ඔවුන්ට බලය හා ධනය භාවිතයෙන් වෙනස් කර බේරී යා හැක. නමුත් කර්මය අප කාහටත් පොදුය. එය කිසිවෙකුටක් වෙනස් කල නොහැක. වෙලාව ආ සැණින් විදවීමට සිදුවේ. එය කෙතරම් කලක් දැයි කාහටත් පැවසිය නොහැක. කලප ගණනක් වුවද විය හැක.

කරණ කලට පව් මීරිය මීසේ
විදින කලට දුක් දැඩිවෙයි ගිනිසේ

මේ බව අවභෝද කරගෙන වත්මං පාලකයින් දැන්වත් පාප ක්‍රියාවන් කිරීමෙන් වැලකීමට අධිටං කර ගනිත්වා…!!!