දේශපාලන

ලබන අඟහරුවාදා ඇමතිකම් ගන්න කට්ටිය මෙන්න – රවිට , විජේදාසට නැවතත් කැබිනට් ඇමතිකම්

සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන යෝජනා ලබා ගැනීම සඳහා පත් කෙරුණු කමිටුව සියලු තනතුරු වෙනස් කළ යුතු බවට නිර්දේශ කර තිබිණි.එක්සත් ජාතික පක්ෂයේ නව තොරතුරු සියල්ල මැයි 01 වැනිදාට පෙර පත් කිරීමට නියමිතව ඇත.

Loading...

ඊයේ (07දා) ජනපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවක් පැවැති බවත් එහිදී විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළ නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂය ජනපතිවරයා දන්වා තිබේ.ඒ අනුව ලබන අගහරුවදා නව කැබිනට් ඇමතිවරු පත් කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට එක් කැබිනට් ඇමති ධුරයක් හිමිවන අතර ඉතිරි කැබිනට් අමාත්‍යධුර විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ජන්දය පාවිච්චි කල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට හිමි වෙයි.

රාජ්‍ය අමාත්‍ය වරු සහ නියෝජ්‍ය අමාත්‍ය වරු 10දෙනෙකු දිව්රුම් දීමට එදින නියමිතයි.ඒ එම 10දෙනා එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමති පිරිසක් මෙම සාකච්ඡාවකට එක්ව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලක්ෂ්මන් සෙනෙවිරත්න , ලසන්ත අලගියවන්න ,පියසේන ගමගේ , ඉන්දික බණ්ඩාරනායක, වීරකුමාර දිසානායක යන මැති ඇමතිවරුන් සදහා මෙවර කැබිනට් සංශෝධනයේදී කැබිනට් ඇමතිකම් ලැබෙනු ඇත අතර නියෝජ්‍ය කතානායක ධුරය සදහා මේ වන විට ශ්‍රියානි විජේවික්‍රම මහත්මියගේ නම යෝජනා වී ඇත.

එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති කැබිනට් ඇමතිධුරය සදහා රවී කරුණානායක සහ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරුන්ගේ නම් දෙක යෝජනා වී ඇත.

Loading...

මේ අතර අගහරුවදා උදැසන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් කැබිනට් අමාත්‍ය වරුන්ගේ මාධ්‍ය හමුවක් සංවිධානය කර ඇති අතර එහිදී ඔවුන්ගේ ඉල්ලා අස් වීම නිල වශයෙන් දැනුම් දීමට නියමිතයි.

ඒ අනුව නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යධුර සදහා බුද්ධික පතිරණ ,නලින් බණ්ඩාර , අජිත් මාන්නප්පෙරුම , රන්ජිත් අලුවිහාරේ ,ලකී ජයවර්ධන , එඩ්වඩ් ගුණවර්ධන ,ආනන්ද කුමාරසිරි , කාවින්ද ජයවර්ධන , මුජිබර් රහුමාන් ,S.M මරික්කාර් යෝජනා කර ඇත.

Related Posts