ප්‍රහාරයට වැඩි දායකත්වය කාන්තාවන්ගෙන් – මෙන්න සාජා සංගීත ගැටුමේ ඇත්ත කතාව

5618

ඊයේ දිනයේ හොඳම ගොසිප් අපි ඔබට පුවතක් ගෙන ආවා ඩුබායිහි සාජා නගරයේ ශ්‍රී ලාංකික සංගීත ප්‍රසංගයක ඇති වූ මහා විනාශයක්.මේ පිලිබදව වැඩිපුර කරුණු සොයා බැලීමේදී අපට වාර්තා වුන ආකාරයට මේ සිද්ධිය අපේ ශ්‍රී ලාංකිකයන් විසින් හිතා මතාම කල විනාශයක් බවයි දැනට තොරතුරු වාර්තා වෙන්නේ.

මුලින්ම වෝලාරේ සංගීත කණ්ඩායම ප්‍රසංගය සංගීතවත් කර ඇති අතර පසුව තෑගි ප්‍රධාන උත්සවයක්ද සාර්ථකව පවත්වා ඇත.තෑගි ප්‍රධාන උත්සවය අවසන් වන විට එරට නීතිය අනුව ආගමික වතාවත් වල යෙදෙන කාලය එලබ ඇත.ඒ අනුව ශබ්ද වාහිනී එරට නීතියෙන් එම කාල සිමාව තුල කිසි විටක පාවිච්චි කිරීමට නීතියෙන් අවසර නැත.ඒ අනුව ප්‍රසංග සංවිධායකයින් පැය භාගයකට ප්‍රසංගයක ආරම්භ කිරීම තෑගි ප්‍රධානයෙන් පසුව කටයුතු කර ඇත.ඉන් පසුව ඇරෝ ස්ටාර් සංගීත කණ්ඩයම සංගීත ප්‍රසංගයේ දෙවන අදියරේ කටයුතු ආරම්භ කිරීමට සැදී පැහැදී සිටියා.

මේ කාලය ඉවසා සිටීමට නොහැකි පිරිස මෙසේ කෝප වී සංගීත ප්‍රසංග භුමිය දෙවනත් කරමින් මහා විනාශයක් සිදු කළේය.වාසනාවකට කිසිදු පුද්ගලයෙකුට හානි නොවූ අතර ලක්ෂ ගණනක බඩු එක මොහොතකින් විනාශ කරන්න එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් කටයුතු කළේය.මෙහිදී විශාල වශෙන් එරට සිටින ශ්‍රී ලංකික කාන්තාවන් විශාල දෙනෙක් මේ ප්‍රහාරයට එක් වුනු බවයි පවසන්නේ.කීප දෙනෙක් පොලිස් අත්අඩංගුවේ දැනට පසු වෙයි .ඊට අමතරව මේ ප්‍රසංගය පැමිණි අය බඩු සොරාගෙන ගොස් ඇතැයි ප්‍රසංග සංවිධායකයින් පවසනවා.මේ සිද්ධිය සම්බන්ධයෙන් හොඳම ගොසිප් අපිට එකම ප්‍රශ්නයක් ඉතිරිව ඇත.එනම් රටක නීතියක් නොදැන මොවුන් කෙසේද එරට ජිවත් වෙන්නේ.මේ නැති කරගත්තේ අපේම රටේ ගෞරවය නොවේද