අරලියගහ මන්දිරයේ ජන්දයක්,සජිත්ටත් කොටහක් – එජාපයේ තීන්දු තීරණ ගන්න 10කට බෙදයි

2360

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේ දී අද (07) පැවැත්වුණා. ඒ, පක්ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙල පිළිබඳවයි.

පෙරවරු 10ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා. පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු ඇතුළු ආණ්ඩුවේ ඉදිරි කටයුතු වෙනුවෙන් පත් කරනු ලැබූ කමිටුවල වාර්තා එහිදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත භාර දෙනු ලැබුවා.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනස් නොවිය යුතු බවට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී බහුතරයකගේ මතය වී තිබෙනවා.ඒ අනුව ඉදිරියේදීත් පක්ෂ නායකයා ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කටයුතු කළ යුතු බවටයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතර මතය වී ඇත්තේ.

මේ අතර පක්ෂයේ පරිපාලන නායකයින් ලෙස රනිල් වික්‍රමසිංහ ,සජිත් ප්‍රේමදාස සහ රවී කරුණානායක පත් විය.

මේ නායකයින්ට අමතරව පක්ෂයේ පරිපාලන කමිටුවක් පත් කිරීම පිලිබදව ප්‍රථමව ජන්ද විමසීමක් පවත්වනු ලැබුවා.ඒ අනුව පක්ෂයේ පරිපාලන කමිටුව ලෙස මංගල සමරවීර , හරින් ප්‍රනාන්දු , රංජිත් මද්දුමබණ්ඩාර , අකිල කාරියවසම් ,නවින් දිසානායක ,ගයන්ත කරුණාතිලක ,නලින් බණ්ඩාර ,එරාන් වික්‍රමරත්න ,අජිත් පි පෙරේරා ,අශෝක ප්‍රියන්ත යන මැති ඇමති වරු පත්වුහ.