Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

ජාතික රජය අවසන් , එජාප තනි ආණ්ඩුවක් – Breaking News

1827

ජාතික ආණ්ඩුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් ඉන් ඉවත්ව යෑමට ගත් තීරණයත් සමග තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමේ සූදානමක් පවතී.

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී ඊට සහය දැක්වූ ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරුන් ඇතුළු 16 දෙනා සිය තනතුරු අත්හැර විපක්ෂයට යෑමට ගත් තීන්දුවත් සමග තනි එජාප ආණ්ඩුව පිහිටුවීමේ අවදානම මතුවී තිබෙන බව ආණ්ඩුව අභ්‍යන්තරයේ ශ්‍රීලනිප ආරංචි මාර්ග සඳහන් කරයි.

Loading...

විශ්වාසභංග යෝජනාවෙන් අගමැති වික්‍රමසිංහ ජයග්‍රහණය කර ඇති බැවින් තනි එජාප  ආණ්ඩුවක් ලෙස ඔවුන්ගේ වැඩපිළිවෙල      ඉදිරියට ගෙන යාමට ඉඩදී සන්ධානයේ  කණ්ඩායම එහි වගකීමෙන් ඉවත්වීම වඩාත් සුදුසු බව තවදුරටත් ආණ්ඩුවේ රැඳී සිටින ශ්‍රීලනිප කණ්ඩායමේද අදහස වී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා ඉවත්ව යෑමත් සමග ආණ්ඩුවට බහුතරය අහිමි වී වන බැවින් ඉදිරි ආණ්ඩුව දුර්වල ආණ්ඩුවක් වන බවද දේශපාලන විචාරකයෝ පවසති.