Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

ජෝන්, ගාමිණී ජයවික්‍රම ඇමැති ධුරවලින් ඉවතට

1022

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ යටතේ දැනට පක්ෂයේ සිටින ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් දෙදෙනා වන ජෝන් අමරතුංග හා ගාමිණී ජයවික්‍රම පෙරේරා ඇමැති ධුරවලින් ඉවත් කර පුරප්පාඩු වන ඇමැති ධුර සඳහා තරුණ මන්ත්‍රීවරුන් පත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ සඳහා අගමැති රනිල් වික්‍රමසිංහද කැරලිකාර මන්ත්‍රීන්ට එකඟතාව පළකර ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

Loading...

එජාප සභාපති මලික් සමරවික්‍රමගේ නිවසේදී කැරලිකාර මන්ත්‍රීන් සමග පැවැති හමුවකදී මෙම කාරණාව සාකච්ඡා කර තිබේ.

එහෙත් එම යෝජනාවට එකඟ වී නැති කැරලිකාර මන්ත්‍රීවරුන් අගමැතිවරයාට දන්වා ඇත්තේ එක්සත් ජාතික පාක්ෂිකයන් බලා‍පොරොත්තු වන්නේ පක්ෂ නායකත්වයේ වෙනසක් මිස ඔළු ගෙඩි මාරු කිරීමක් නොවන බවයි.