මෙන්න ඊයේ සාජා සංගීත ප්‍රසංගය ඉවර වුනු හැටි – Video

7896

ඊයේ ඇරෝ ස්ටාර්ස් සංගීත කණ්ඩායම සහභාගී වන්නට යෙදුනු සංගීත ප්‍රසංගයක් ඩුබායි හි සාජා නගරයේ පැවැත් වුනා.එහිදී ප්‍රසංගයේ සංවිධායකයින් එරට පොලිසියෙන් නිසි අවසර ලබා ගෙන නොමැති නිසා ප්‍රසංගය පැවත්වීමට යම් ගැටලුකාරී ප්‍රශ්නයක් හටගත්තා.

අවසානයේ පැමිණි සිටි ශ්‍රී ලාංකිකයන් මෙය ගැටුමක් බවට කරගත්තා. මේ ගැටුම නිසා ශ්‍රී ලාංකික තරුණයෙකුට අයත් සංගීත භාණ්ඩ විශාල ප්‍රමාණයක් හානි වුනා.ජායාරුප සහ වීඩියෝ පහතින් නරඹන්න

මේ ගැටුම සම්බන්ධයෙන් මුහුණු පොතේ ශ්‍රී ලාංකිකයෙක් පලකල සටහනක් පහතින් 

යම් රටක් නීතිය අකුරටම රකීනම් අප ජීවත් වන්නේ රැකියාව කරන්නේ ඒ රටේ නම් එම නීතියට හිස නැවිය යුතුමය.ලංකාවේ මෙන් නීතිය බලපුළුවන්කාර කමට නැවීම බොහෝ දියුණු රටවල සිදු නොවන්නකි.මත්පැන් මිනිසුන් තිරිසනුන් කිරීම අසා ඇතිමුත් සියැසින් දැකීමේ (අ)වාසනාව අද ලදිමි.අප පැවතෙන්නේ විජය රජුගෙන් බව අද සක්සුදක් සේ දැන ගතිමි.මමද ඔහුගෙන් පැවතෙන්නෙක් වීම ගැන ලැජ්ජා වෙමි.මිනිසුනේ…ඔබගේ සතුට මෙයනම් ඒ සතුටට මම වෛර කරමි.අන් කෙනෙකු දුක් මහන්සියෙන් ගත් දේවල් විනාශ කිරීම ඔබගේ සතුට හෝ පාඩුව පියවා ගැනීම නම් ඒ විනාශයට දායක වූ ඔබ ගැන මම කම්පා වෙමි.අපි අන්‍යය ජාතීන්ට පාඩම් උගැන්වීමට පෙර අපි කරනාදේවල් නිවැරදිදැයි නැවත සිතා බලමු.මේ ඡායාරූප බොහෝ දේ ඔබට පවසාවි.නැවත සිතන්න.රසිකත්වය යනු මෙය නම් එවැනි රසිකයින් ගැන මා කම්පා වෙමි.