කෝටි ගණන් රත්‍රන් බඩුත් දාගෙන රත්‍රන් පෙට්ටියකින්ම අවසන් ගමන් ගිය තරුණයා

2038

ධන කුවේරයෙකුගේ අරුම පුදුම අවමංගල්‍ය උත්සවයක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

මෙම පුවත වාර්තා වන්නේ කියුබාවට නුදුරු ට්‍රිනිඩෑඩ් දේශයෙන්.

වෙඩි ප්‍රහාරයකින් මෙලෙස මියගොස් ඇත්තේ 33 හැවිරිදි ධන කුවේරයෙකු වන Sheron Sukhdeo නමැති ව්‍යාපාරිකයෙක්.මොහුගේ ව්‍යාපාරය වී ඇත්තේ මෝටර් රථ වෙලදාමයි.

මෙම පුදුම හිතෙන අවමංගල්‍ය උත්සවයේ ඇති විශේෂත්වය වන්නේ ඔහුගේ සිරුර රත්‍රන් මිනී පෙට්ටියක තැම්පත් කර තිබීමයි.

එහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඩොලර් ලක්ෂයක් පමණ වටිනා ආභරණ පළඳවා ඔහුගේ සිරුර ආදාහනය කිරීමයි.

මේ අතර ඔහුගේ දේහය ආදාහනාගාරය වෙත රැගෙනගොස් ඇත්තේද අධි සුඛෝපභෝගී රථයකින්.

ජයාරූප පහතින් නරඹන්න