Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

කැබිනට් සංශෝධනයක් – ඇමතිවරු 5ක් ඉල්ලා අස්වෙද්දී දයාසිරි දැන් කියන කතාව

2905

සංකීර්ණ කැබිනට් සංශෝධනයක් ඉදිරියේදී සිදුකරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර අද පැවැති හමුවකදීය.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැබිනට් ඇමැතිවරු 06 දෙනාගෙන් පස් දෙනෙක් සිය ධුරවලින් ඉල්ලා අස්වෙන බව එක්සත් ජාතික පක්ෂයට දැනුම් දී තිබෙනවා.

පරාජයට පත්වූ විශ්වාසභංග යෝජනාවට ඡන්දය දීමේ වගකීම බාරගෙන එලෙස කැබිනට් අමාත්‍යධූරවලින් ඉවත් වන බවයි ඔවුන් දැනුම්දී ඇත්තේ.චන්දිම වීරක්කොඩි, ජෝන් සෙනවිරත්න, එස්.බි දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, අනුර ප්‍රියදර්ශන යාපා යන මහත්වරුන් ඊට ඇතුලත්.

Loading...

එහෙත් විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ ඉල්ලා අස්වීම මෙතෙක් නිල දැනුම්දීමක් සිදුකර නැහැ.විශ්වාසභංග යෝජනාවට ඡන්දය දුන් සියලුම අමාත්‍යවරුන් අමාත්‍යධූරවලින් ඉවත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් 33 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් රනිල් වික්‍රමසිංහ මහතාට භාර දුන් අතර එම 16 දෙනාට එරෙහි විශ්වාසභංගයක් අද කථානායකවරයා වෙත ඉදිරිපත් කෙරෙනවා.

මේ අනුව එක්සත් ජාතික පක්ෂයේ පාලිත රංගේ බණ්ඩාර,බුද්ධික පතිරණ ,සුජීව සේනසිංහ ,පාලිත තෙවරප්පෙරුම,වසන්ත සේනානායක යන මන්ත්‍රීවරුන්ට කැබිනට් අමාත්‍ය ධුර සදහා මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් යෝජනා කර ඇත.ඊට අමතරව නලින් බණ්ඩාර ,එස්.එම් මරික්කාර් , මුජුබර් රහුමාන් , හෙක්ටර් අප්පුහාමි නියෝජය අමාත්‍ය ධුර සදහා යෝජනා වී ඇත.