දේශපාලන

හෙට සිට අලුත් ආණ්ඩුවක් – මෙන්න දිනුවත් පැරදුනත් වෙන දේ

අගමැති රනිල් වික්‍රමසිංහ මහාතට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළද, පරාජය වුවද හෙට(05දා) සිට අලුත් ආණ්ඩුවක් බිහිවීමේ වාතාවරණයක් උදාවී තිබේ.

Loading...

විශ්වාසභංග යෝජනාව පරාජය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කළහොත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ආණ්ඩු‍වෙන් ඉවත්වන බව දැනුම්දී ඇති අතර,එවිට  ජාතික ආණ්ඩුව අහෝසි වේ.

එසේ වුවහොත් එක්සත් ජාතික පක්ෂය නව ආණ්ඩුවක් පිහිටුවන බවත්, මේ සඳහා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ඇතැම් පක්ෂවලද ආශිර්වාදය ලැබී ඇති බවද එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය.

එමෙන්ම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පරාජය වුවහොත් පැයක් ඇතුළත එක්සත් ජාතික පක්ෂ අගමැතිවරයෙකු පත්කිරීමටද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වී  තිබේ.

ඒ අනුව නව අගමැතිවරයා ඇතුළු නව කැබිනට් මණ්ඩලයක්ද පිහිටුවීමට සිදුවනු ඇත.

Loading...

ජාතික ආණ්ඩුවක් නොවන තනි ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නේනම් එහි කැබිනට් ඇමති ධුර සංඛ්‍යාව 30කට සීමා විය යුතු බවත්, නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 45කට නොවැඩි විය යුතු බවත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ.

Related Posts