අද සිදු වූ යූටියුබ් ප්‍රධාන කාර්යාලයේ වෙඩි ප්‍රහාරය පසුපස හේතුව හෙළිවෙයි

619

කාන්තාවක් විසින් ගූගල් සමාගමට අයත් යූ ටියුබ් මූලස්ථානයට වෙඩිතබා ඇත්තේ යූටියුබ් සමාගම විසින් ඇගේ වීඩියෝ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ මෙම වෙඩිතැබීමෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙන අතර, ප්‍රහාරය එල්ල කළ කාන්තාවද තමාටම වෙඩිතබාගෙන මියගොස් ඇත.

මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ නසීම් අග්දම් නම් 39 හැවිරිදි කාන්තාවක් බව මේ වන විට හෙළිදරව් වී තිබේ.  නසීම් විසින් යුටියුබ් වෙබ එකතු කරනු ලැබූ වීඩියෝ, එම සමාගම විසින් filter කිරීමකට ලක්කිරීම හේතුවෙන් ඇයට ඒ සඳහා ලැබෙන මුදල් අඩුවී තිබුණු බවත්, මේ සම්බන්ධයෙන් ඇය කනස්සල්ලෙන් සිටි බවත් ඒජන්සි වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

සැන් ඩියෙගෝ ප්‍රදේශයේ පදිංචි ව සිටි නසීම් විසින් වෙබ්අඩවියක් හා යූටියුබ් චැනල් කිහිපයක්ම පවත්වාගෙන ගොස් ඇති බවත් ඇමෙරිකානු මාධ්‍ය සඳහන් කරයි. සත්ත්ව හිංසනය ඇතුළු මාතෘකා කිහිපයක් ඔස්සේ ඇය වීඩියෝ යූටියුබ් වෙත එක්කර ඇති අතර, ඇයට අයත්ව පැවති යූටියුබ් චැනල් මේ වන විට ඉවත් කර (Delete) ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.