අගමැතිගේ තීරණය මෙන්න – මේ මොහොතේ ජනපති සමඟ විශේෂ සාකච්ජාවක්

1015

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනපති මෛත්‍රීරීපාල සිරිසේන මහතා අතර හමුවක් මේ වන විට නැවත වරක් පැවැත්වෙන බව වාර්තා වේ.ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් සඳහා මේ වන විට ජනාධිපති නිළ නිවස වෙත පැමිණ තිබේ.

අද (03) උදෑසන 9.10ට පමණ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති නිළ නිවස වෙත පැමිණ ඇත.අග්‍රාමාත්‍යවරයා සමඟ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව ඇති බව වාර්තා වේ.මේ අතර, එක්සත් ජාතික පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර ද හමුවක් ඊයේ (02) රාත්‍රියේ සිදුවූ අතර, ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව තිබිණි.

අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අතර ඊයේ (02) පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ආණ්ඩුවේ ඉදිරි ගමන පිළිබඳව සඳහා වන යෝජනාවලියක්ද රැගෙන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා හමුවීමට ගොස් ඇතැයි ආරංචි මාර්ග පවසයි.

විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙරාතුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගෙන ආ යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කර තිබේ. ඒ අනුව නිදහස් පක්ෂය විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ.