ජනතාවගේ පෙට් ස්කෑන් යන්ත්‍රය ජනතා අයිතියට – ජාති බේද නැතිව හැමෝම එකතු වෙලා අද කරපු දේ

725

මහරගම අපේක්ෂා රෝහලේ සවිකර ඇති පෙට් ස්කෑන් යන්ත්‍රය ජනතා අයිතියට පත් කිරිමේ කටයුතු මීට සුළු මෙහොතකට පෙර සිදු විය.ඒ සෞඛ්‍ය අමාත්‍ය රජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන්ය.

මහරගම අපේක්ෂා රෝහලට පැමිණෙන රෝගීන්ගේ සිරුරේ පවතින පිළිකාවේ ස්වභාවය නිවැරදිව හඳුනාගැනීමටත් පසු විපරම් ප්‍රතිකාර සඳහාත් පෙට් ස්කෑන් යන්ත්‍රයක් නොමැතිකම හේතුවෙන් රෝගීන් මියයන පසුබිමක ජනතා සහය මත මෙම යන්ත්‍රය මිලදී ගැනීමට අපේක්ෂා රෝහල තීරණය කර තිබිණි.

අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය  ඩබ්ලිව්.වයි.කේ.විල්ෆට්ගේ මහජනතාව සහ බහුතර මාධ්‍යයන්ගේ නොමද කැපවීම මත රුපියල් කෝටි 20ක් පමණ වටිනා මෙම යන්ත්‍රය මිලදි ගැනීම සිදු කෙරිණ.

ඉන් අනතුරුව පෙට් ස්කෑන් යන්ත්‍රය මෙරටට ගෙන්වා එය මේ වන විට මහරගම අපේක්ෂා රෝහලේ සවිකර අවසන්ය.

මෙයට සමගාමිව වැල්ලවතේ සිට මහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් පාගමනක්ද සංවිධානය කර තිබුණි.පෙට් ස්කෑරය වෙනුවෙන් ජනතාව පරිත්‍යාග කළ මුදල රුපියල් මිලියන 200කට අධිකය.ජායාරූප සහ වීඩියෝව පහතින් නරඹන්න

Posted by Fight Cancer Team in Sri Lanka on Saturday, March 31, 2018