ගොසිප්

ස්විස් සුද්දිට අවුරුදු 71 ,බලන්න නිලාවැලි වැල්ලේ කරපු දේ – ෆොටෝ ගද්දීත් අපේ අයට එරෙහි වෙලා

ඇය නමින් මාග්‍රට්.වයස අවුරුදු 71යි .ස්විස්ටර්ලන්ත ජාතික කාන්තාවක්.ඇය ලංකාවේ පදිංචියට ආවේ 1982.ඒ කියන්නේ දැන් ඉන්න ගොඩක් දෙනෙක්ට වඩා ඇය අපේ රටේ වයසක පුරවැසියෙක්.

Loading...

ඒ විතරක් නෙමේ ඇයගේ මුළු පවුලම දැන් ලංකාවේ තමා ජිවත් වෙන්නේ.ඉතින් මේ පවුලේ සියලුම සාමාජික අයට නිමාඩු තියෙන වේලාවට කරන හොද කර්තව්‍යක් අපේ පාඨයක් මෙන්ම Address නෑ පිටුවේ හොද සාමාජිකයෙක් වන පැතුම් වීරකෝන් විස්තර එවලා තිබ්බා.

හැබැයි ඉතින් මුලින්ම කියන්න ඕනේ අපේ අයට වැඩිය මාගරට් ඇතුළු මේ පවුලේ අය නම් ලංකාවට මාර ආදරෙයි.ඒ කියන්නේ අපේ අය නිලාවැලි වැල්ලට යනවනේ විනෝද චාරිකා සතුටු වෙන්න.

ඒ ගියාම සමහර අයට නම් ගෙනියන කසළ ,අපද්‍රව්‍ය අමතක වෙලා එනවා.සමහර අය නම් හිතලම දාලා එනවා.ඉතින් මාගරට් මහත්මිය ඇතුළු පවුලේ සැම කරන්නේ මේ දේවල් එකතු කරලා පිරිසිදුව තියලා නිලාවැලි මුහුදු තිරය ලස්සන කරන එක.

මේ පවුලේ අය නිමාඩු වේලාවට කරන්නේ මේ කාර්යය තමා කියලා අපේ හිතවතා පැතුම් කියනවා.

Loading...

මාගරට් මහත්මිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් ඒ ප්‍රදේශයේ දරුවන්ගේ අනාගතය දීප්තිමත් කරනවා.අපේ මිතුරාට ඇය පවසා තිබුනේ අපිට මිනිස්සු වෙනස් කරන්න බැහැ.හැබැයි අපි වෙනස් වුනොත් ඒ අයත් වෙනස් වෙයි.

ලංකාව ලෝකේ ලස්සන රටක්,ඇයි මෙහෙම කරන්නේ කියා ප්‍රශ්න කළ බවයි,ඊට අමතරව ඇය ජයාරූප ගැනීමේදී විරෝධය දක්වා ඇති අතර පසුව අපේ මිතුරාගේ ඉල්ලීම පරිදි ඇගේ කැමැත්ත ලබා ගෙන ඇති අතර, ඇය මෙහිදී පවසා ඇත්තේ ප්‍රසිද්ධියට තමා මේ කිසිවක් නොකරන  බවයි.

ජායාරුප පහතින් නරඹන්න

 

Related Posts