අපි කවුරුත් ආදරය කරන ක්‍රිකට් තරුව ගෙනාපු කෝටි 8 කට වැඩි සුපිරි මෝටර් රථය

1006

ලොව සුපිරි ක්‍රීඩකයන්ගේ නම් අතර ඉහළින්ම තිබෙන නම තමයි විරාත් කෝලි.විරාත් කෝලිගේ සුපිරි මෝටර් රථ එකතුවට ජර්මනියේ නිෂ්පාදිත Bentley continental GT වර්ගයේ ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් මිලදී ගෙන තිබෙනවා.මෙම සුපිරි රථයත් සමඟ අවුඩි මෝටර් රථ පහක් කෝලිගේ මෝටර් රථ එකතුවේ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහුගේ මෝටර් රථ ගොන්නට ඇතුලත් මෝටර් රථ වන්නේ Audi R8 LMX Limited Edition, Audi R8 V10, Audi A8L W12 Quattro, Audi S6, Audi Q7 4.2 TDI, Toyota Fortuner and a Renault Duster.

කෝලි මිලදී ගත් මෙම Bentley continental GT රථයෙන් නවදිල්ලි නුවර ගමන් කරන අයුරු මාධ්‍යවේදීන්ගේ කැමරාවේ සටහන් වී තිබුණා.විකාෂ් කෝලි වන විරාත්ගේ සොහොයුරාගේ නමට මෙම රථය මිලදී ගෙන ඇති බවත් එය කෝටි 8.6 සිට 9.2 දක්වා වන බවත් සඳහන්.