මහරගම ජගත් අයියා ගෙයක් හැදුවා – කතාවේ ඉතුරු හරිය කියවලම බලන්න

888

මහරගම නගර සභාව මෙවර ජය ගනු ලැබුවේ, ස්වාධීන කණ්ඩායමක් විසිනි.නාම යෝජනා භාර දෙන අවස්ථාවේ පොදුජන පෙරමුණේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම නිසා ඔවුන්ගේ සහාය මෙම ස්වාධීන කණ්ඩායමට හිමිවිය.එහෙත් මේ ජයග්‍රාහකයින්ගෙන් දෙදෙනෙකු හැර සෙසු සියලු දෙනා වෙනත් ප්‍රදේශවල පදිංචිකරුවන් වන ලෙස සඳහන් වේ.

ඉන් 20 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයේ, දිවුලපිටිය, බඩල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර තිදෙනකු වැල්ලවත්තේ පදිංචිකරුවන් ය.මෙම ස්වාධීන කණ්ඩායමේ ලැයිස්තුවේ අවුරුදු 80 ඉක්ම වූ සභිකයින් ති දෙනෙකු සිටින අතර ඉන් එක් අයෙකු මේ වනවිට ආඝාත රෝගියෙකි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ, ඒ සඳහා අධිකරණ තීන්දුවක් ලබාගත යුතු හෙයින් කොමිෂන් සභාවට ගතහැකි පියවරක් නොමැති බවයි.

මේ අතර අද දිනයේ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ අපුරු පුවතක් වාර්තා වුනා.එනම් මේ නගර සභාවේ යම් කාර්යක් කරගන්න ගිය අයෙකුට වෙච්ච සිද්ධියක්.පහතින් නරඹන්න

අපේ ජගත් අයියා මහරගම ගෙයක් හැදුවා…..ඒ ගෙදර Plan එක අනුමත කරගන්න අද අපි බයිසිකලේ නගරාධිපතිතුමා හම්බවෙන්න මහරගම නගරසභාවට ගියා…ඒත් එතුමා අද දින සිටින්නේ ඔහුගේ නිවස පිහිටි බඩල්ගම ප්‍රදේශයේ බව නගරසභාවේ සේවකයෙක් අප හට පැවසුවා. ඉතින් අපි මහරගම ඉඳන් බඩල්ගමට ආවා. Plan එක අනුමත කරගන්න.

අපිට මෙහෙම කරාට ස්තුතියි