ගොසිප්

රට හෙල්ලූ පාතාල ලොක්කෝ තුන්දෙනා ඉතාලියේදී එක්වෙති – මෙන්න අලුත්ම ජායාරූප

මෙරට ප්‍රධාන පෙළේ පාතාල නායකයන් තිදෙනකු වන මාකඳුරේ මධුෂ්, එස්.ටී.එෆ්. නදුන් සහ මාලිගාවත්තේ කුඩුලාල් යන තිදෙනා ඉතාලියේ මිලානෝ නුවර රහසිගත ස්ථානයක සැඟවී සිටින බවට අලුත්ම වාර්තාවල සඳහන් වන බව පාතාල මර්දන ඒකකයන් පවසයි.පාතාල නායකයන් තිදෙනා එකම ස්ථානයක රැස්වීමේ සතුට සමරමින් මත්පැන් සාදයක්ද පවත්වා ඇති බවටද පාතාල මර්දන ඒකකයන් වෙත තොරතුරු ලැබී තිබේ.

Loading...

මෙම ප්‍රබල පාතාල සාමාජිකයන් තිදෙනා එකම ස්ථානයකට රැස්වීම මෙරටට දැඩි තර්ජනයක් විය හැකි බවද එම ඒකකයන් සඳහන් කරයි.මෙම පාතාල නායකයන් තිදෙනා ඔවුන්ගේ ප්‍රතිවාදීන් ඝාතනය කිරීමේ දැඩි සැලසුමක් සකස් කරමින් සිටින බවත් පසුගියදා කොළඹ සහ දකුණේ සිදුවූ ඝාතනයන්ද මොවුන්ගේ සැලසුම්වල ප්‍රතිඵලයන් බවත් පාතාල මර්දන ඒකකය පවසයි.

එම හේතුව මත මෙම පාතාල නායකයන් තිදෙනාගේ හැසිරීම සම්බන්ධයෙන් බුද්ධි අංශවලද සහාය ලබා ගනිමින් අධ්‍යයනය කරමින් සිටින බවද එම ඒකක කියා සිටී.දකුණේ පාතාල නායකයකු වූ මාකඳුරේ මධුෂ් මීට පෙර ඩුබායිහි සැඟවී සිටි අතර ඔහු දේශපාලන රැකවල් පතා ස්විට්සර්ලන්තයට පලා යෑම සඳහා ඉතාලියට පැමිණ ඇති බවටද පාතාල මර්දන ඒකකය වෙත තොරතුරු ලැබී තිබේ.

මීට වසර කිහිපයකට ඉහතදී මාලිගාවත්තේ සිය පාතාල බලය පැතිරූ කුඩු ලාල් නමැත්තා මුලින් එංගලන්තයට පැනගොස් තිබිණි.ගම්පහ ප්‍රදේශයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකුගේ සගයකු වූ කුඩු ලාල් එංගලන්තයේදී එරට කාන්තාවක සමඟ විවාහ වී සිටින බවත් මීට සති කිහිපයකට පෙර ඔහුද ඉතාලියේ මිලානෝ නුවරට පැමිණ ඇති බවත් පාතාල මර්දන ඒකකයන් වෙත තොරතුරු ලැබී ඇත.

මධුෂ් සහ කුඩු ලාල් යන දෙදෙනාටම මේ වනවිට රැකවරණය ලබා දෙන්නේ දකුණේ පාතාල නායකයකු වන ඉතාලියේ, මිලානෝ නුවර සැඟව සිටින එස්.ටී.එෆ්. නුවන් බවටද එම ඒකකය වෙත තොරතුරු ලැබී තිබේ.දකුණේ සිදුවූ පුද්ගල ඝාතන රැසකට සම්බන්ධ එස්.ටී.එෆ්. නදුන් දැනට ඩුබායිහි සැඟවී සිටින කොස්ගොඩ සුජීගේ සමීපතමයකු බවද පාතාල මර්දන ඒකකයන් පවසයි.

Loading...

දකුණේ පාතාල නායකයන් දෙදෙනකු වන කොස්ගොඩ සුජී සහ කොස්ගොඩ තාරක අතර ඇතිවූ ද්වන්ද සටනේදී කොස්ගොඩ තාරකට එරෙහිව එස්.ටී.එෆ්. නදුන් කොස්ගොඩ සුජීට සහාය ලබාදී තිබිණි.මාකඳුරේ මධුෂ් සිය අණසක පැතිරවීම සඳහා ඉකුත් වසරේදී මෙරට පාතාලයේ කිරුළ පැලඳූ ‘රණාලේ සමයං’ නමැත්තා ඇතුළු ඔහුගේ සගයන් කළුතර, එතනමඬල ප්‍රදේශයේදී සමූල ඝාතනය කෙරිණි. බන්ධනාගාර බස් රථයක් ඉලක්ක කර ගනිමින් සිදුවූ මෙම වෙඩි ප්‍රහාරය මෙරට පාතාල ඉතිහාසයේ සිදුවූ දරුණුතම ප්‍රහාරය වන බවද පාතාල මර්දන ඒකකයන් සඳහන් කරයි.

එම ඝාතනයන්ට මාකඳුරේ මධුෂ් යෙදවූ අංගොඩ ලොක්කා සහ අතුරුගිරියේ ලැඩියා යන දෙදෙනාම ඔවුන්ගේ සහාය ඇතිව මුහුදු මාර්ගය ඔස්සේ ඉන්දියාවට පසුව පලා ගියහ.ඔවුන් විසින් ඉන්දියාවේ සැඟවී සිටින අංගොඩ ලොක්කා සහ අතුරුගිරියේ ලැඩියා ඉතාලියට ගැනීමට මීට පෙර අවස්ථා කිහිපයකදී උත්සාහ ගෙන තිබිණි. මාකඳුරේ මධුෂ්, එස්.ටී.එෆ්. නදුන් සහ කුඩු ලාල් යන තිදෙනා මෙරට සිදුවන හෙරොයින් ජාවාරම් සහ කප්පම් ගැනීම්ද විදේශගතව සිටිමින් මෙහෙයවනු ලබති.

Related Posts