ලංකාවේ අය වඳ පෙති ගැන හොයද්දි ඇමරිකාවෙන් පිරිමින්ට හොයා ගත්ත පෙත්ත මෙන්න

790

පිරිමින් සඳහා වන උපත් පාලන පෙත්තක්‌ ඇමරිකානු පර්යේෂකයන් පිරිසක්‌ විසින් සොයාගෙන තිබේ. මෙම උපත්පාලන පෙත්ත මගින් පිරිමින්ගේ ස්‌ටොස්‌ටෙරෝන් හා අනෙකුත් හෝමෝන මට්‌ටම පහත හෙළීම සිදු කරයි.මේ හෝමෝන මට්‌ටම පහත හෙළිම මගින් පිරිමින්ගේ ශුක්‍රාණු නිපදවීම අඩු වේ.

එසේම මෙම උපත් පාලක පෙතිවල විශේෂත්වය එමගින් ඇති කරන අතුරු ආබාධ ඉතාම අවම මට්‌ටමක පැවතීමය. මෙතෙක්‌ කල් උපත් පාලන පෙති භාවිත කළේ කාන්තාවන් පමණක්‌ වන අතර මෙම නව සොයා ගැනීම මගින් පිරිමින්ගේ ජීවන රටාවේ සුවිශේෂී වෙනස්‌කම් ඇතිවනු ඇතැයි පර්යේෂකයෝ පවසති. ලොව පුරා ගැබ්ගැනීම්වලින් සියයට හතළිහක්‌ම අනවශ්‍ය ගැබ් ගැනීම් බව වෛද්‍යවරු පවසති.

තවමත් රටවල් කීපයක මෙම උපත් පාලන පෙත්ත පර්යේෂණ මට්ටටමේ පවතින අතර බොහෝ දුරට මේ වසර අවසානයේදී වෙළද පලට නිකුත් කිරීමට නිෂ්පාදක පර්යේෂකයන් බලාපොරොත්තු වෙයි.