ඇයි කවුරුත් මේවා ගැන කියන්නේ නැත්තේ – හරි අපූරු පිංකමකට ඔබටත් නිවස ලගින්ම සහභාගී වෙන්න පුළුවන්

528

ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය අතර චිරාත්කාලයක සිට පවතින සදහම් මිතුදම ශක්තිමත් කරමින් අප ලක්දෙරණේ අසිරිමත් පුණ්‍යභූමීන් වන්දනා කරමින් ලක් දෙරණ සිසාරා පාගමනින් වැඩම කරනා පුණ්‍ය චාරිකාවයි ‘‘ධර්ම යාත‍්‍රා’’.

මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මහරහතන් වහන්සේලා 1000 නමකගේ සහභාගීත්වයෙන් පැවති තුන්වන ධර්ම සංගායනාවෙන් පසු ද්වීපචක‍්‍රවර්තී ධර්මාශෝක මහාධිරාජයාගේ අනුග‍්‍රහය ඇතිව දඹදිව මධ්‍යදේශයෙන් බැහැර රටවල් නවයකට තුන්ලෝකාග‍්‍ර ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සදහම් සාම සංදේශය දායාද කරලීමේ මහා ධර්මප‍්‍රචාරය ආරම්භ විය.

මහ සමුදුරෙන් වට සොඳුරු දිවයිනක් වූ අප මාතෘභූමිය වෙත ද ධර්මදූතයන් වහන්සේලා වැඩමවා වදාළ සේක.

මින් වසර 2300කට පමණ පෙර දේවානම්පියතිස්ස රජ දවස මිහින්තලේ මිස්සක පවුවට අනුබුදු මහා මිහිඳු මහරහතන් වහන්සේ ප‍්‍රධාන මහරහත් උතුමන්ගේ වැඩමවීමෙන් දායාද වුණ ලක්දිව බුදුසසුන අප ලංකාදීපය ධර්මදීපයක් බවට පත්කරවාලූහ.

ඒ ධර්මාශෝක නිරිඳුන් විසින් මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් පරිදි ධර්ම ප‍්‍රචාරය සිදුකළ ලෝකයේ සුපූජිත සුපින්බිම්හි පහස ලබමින් පූජෝපහාර වන්දනාමාන දක්වමින් පාගමනින් ඇවිද ගොස් උතුම් උපහාර පූජාවක් පැවැත්වීමේ අදහසින් මෙම ධර්ම යාත‍්‍රා මාලාව ආරම්භ විය.

මේ වන විට තායිලන්තය, ඉන්දියාවේ හිමාලය ප‍්‍රදේශය, නේපාලය, ජම්බු කාශ්මීරය යන රටවල ධර්ම යාත‍්‍රා සිදුකොට මනා පළපුරුද්දක් ඇති තායිලන්තයේ මහා සංඝරත්නය සිය චාරිකා මාලාවේ අවසානය ඉතා සුපින්වත්ව පූර්ණය කරනු පිණිස ලංකාදීපයේ අනුරාධපුර, පොළොන්නරුව, දඹුල්ල, මහනුවර යන පූජනීය නගර කේන්ද්‍ර කරගනිමින් මෙම පුණ්‍ය චාරිකාව සිදු කරනු ලබයි.

අරමුණ
ශ‍්‍රී ලංකාව සහ තායිලන්තය අතර චිරාත්කාලයක පටන් පවතින සදහම් මිතුදම ශක්තිමත් කිරීම.
අප ලක්දෙරණේ අසිරිමත් පුණ්‍යභූමීන් වන්දනා කරමින් පින් රැස්කර ගැනීම.
ධුතාංගධාරී මහරහත් උතුමන්ගේ මග අනුගමනය කරමින් පැවිදි ජීවිත තුළට උතුම් ගුණදහම් පුරුදු කර ගැනීම.
ලක්වාසී බෞද්ධ ජනයා තුළ සැදැහැ සිත් උපදවාලීම.

සහභාගීත්වය
තායිලන්තයේ වැඩ වසන ගුණවෘද්ධ තපෝවෘද්ධ ධුතාංගධාරී භික්ෂූන් වහන්සේලා 45 නමක් ,එමෙන්ම සිල් ගුණ පුරන උපාසිකා මාතාවන් 17 නමක් සිල් ගුණ පුරන උපාසක පින්වතුන් 03 දෙනෙක් ධර්ම යාත‍්‍රා පාදචාරිකාව සඳහා සහභාගි වේ.ධර්ම යාත‍්‍රාව දැකබලා අනුමෝදන් වනු පිණිස,අතිගෞරවණීය ප‍්‍රධාන සංඝනායක, චූලාලංකාර රාජවිද්‍යාල විශ්වවිද්‍යාලයේ කුලපති තායිලන්ත මහාථේර සමාගමේ සමාජික අතිපූජ්‍ය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි වට්-තාන්-ඒන් විහාරාධිපති ගරු කම්මට්ඨානාචරිය නායක ස්ථවිරපාදයන් වහන්සේ ප‍්‍රධාන මහතෙරුන් වහන්සේලා කිහිප නමක් සහභාගී වීමට නියමිත ය.

එමෙන්ම ඒ මහා සංඝරත්නයට උපස්ථාන කරමින් සිද්ධස්ථාන වන්දනාමාන කිරීමට ගිහි පින්වතුන් පිරිසක් සහභාගි වේ.

සංවිධානය කරන ආයතන

වට්-තාන්-ඒන් මහා විහාරය
චූලාලංකාර රාජවිද්‍යාල විශ්වවිද්‍යාලය
මහමෙව්නාව භාවනා අසපු සංචිතය
කොච්චිකඩේ ශ‍්‍රී සද්ධර්මෝදය බුද්ධගයා මහා විහාරය
ශ්‍රද්ධා මාධ්‍ය ජාලය
ශ්‍රී ලංකා පොලීසිය

ධර්ම යාත්‍රා ගමන් මාර්ගය

මාර්තු 13 – අනුරාධපුර නගරය හරහා පාගමනින් වැඩම කොට අටමස්ථානය වන්දනා කිරීම -රාත‍්‍රී නවාතැන් ගැනීම – අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුව / මාර්තු 14 – අනුරාධපුර නගරය හරහා පාගමනින් වැඩම කොට අටමස්ථානය වන්දනා කිරීම – රාත‍්‍රී නවාතැන් ගැනීම – අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපුව / මාර්තු 15 – මිහින්තලේ බලා පාගමනින් වැඩම කිරීම – රාත‍්‍රී නවාතැන් ගැනීම – කළුදිය පොකුණ තපෝවනය / මාර්තු 16 – මිහින්තලේ නගරය හරහා පාගමනින් වැඩම කොට මිහින්තලේ පුජාභූමිය වන්දනා කිරීම – රාත‍්‍රී නවාතැන් ගැනීම – කළුදිය පොකුණ තපෝවනය / මාර්තු 17 – මරදන්කඩවල බලා පාගමනින් වැඩම කිරීම – රාත‍්‍රී නවාතැන් ගැනීම – උලන්කුලම තානායම / මාර්තු 18 – හබරණ බලා පාගමනින් වැඩම කිරීම – රාත‍්‍රී නවාතැන් ගැනීම – හබරණ මහමෙව්නාව භාවනා අසපුව / මාර්තු 19 – මින්නේරිය බලා පාගමනින් වැඩම කිරීම – රාත‍්‍රී නවාතැන් ගැනීම – මින්නේරිය යුද හමුදා මූලස්ථානය

මාර්තු 20 – පාගමනින් පොළොන්නරුව පැරකුම් උයන මහමෙව්නාව අසපුව බලා වැඩම කිරීම – රාත‍්‍රී නවාතැන් ගැනීම – පොළොන්නරුව මහමෙව්නාව අසපුව / මාර්තු 21 – පාගමනින් පොළොන්නරුව පූජාභූමිය වන්දනා කිරීම – රාත‍්‍රී නවාතැන් ගැනීම – පොළොන්නරුව මහමෙව්නාව අසපුව / මාර්තු 22 – දියබෙදුම බලා පාගමනින් වැඩම කිරීම – රාත‍්‍රී නවාතැන් ගැනීම – දියබෙදුම නාමල්වැව ප‍්‍රාථමික විද්‍යාලය / මාර්තු 23 – බකමූණ බලා පාගමනින් වැඩම කිරීම – රාත‍්‍රී නවාතැන් ගැනීම – සී පී ද සිල්වා ප‍්‍රාථමික විද්‍යාලය / මාර්තු 24 – කණ්ඩලම බලා පාගමනින් වැඩම කිරීම – රාත‍්‍රී නවාතැන් ගැනීම – …………………… / මාර්තු 25 – පාගමනින් දඹුල්ල නගරය හරහා පූජා භූමිය වන්දනා කිරීම – නාවුල බලා පාගමනින් වැඩම කිරීම රාත‍්‍රී නවාතැන් ගැනීම – ………………… / මාර්තු 26 – මඩවල උල්පත බලා පාගමනින් වැඩම කිරීම – රාත‍්‍රී නවාතැන් ගැනීම – මඩවල උල්පත මහමෙව්නාව භාවනා අසපුව

මාර්තු 27 – අලූවිහාරය වන්දනා කරමින් උකුවෙල බෝවත්ත ශ‍්‍රී සුමංගල විද්‍යාලය බලා පාගමනින් වැඩම කිරීම – රාත‍්‍රී නවාතැන් ගැනීම – උකුවෙල බෝවත්ත ශ‍්‍රී සුමංගල විද්‍යාලය / මාර්තු 28 – මහියංගණය බලා බස් රථයෙන් වැඩම කිරීම – රාත‍්‍රී නවාතැන් ගැනීම – මහියංගණය ශ්‍රී සුමන මහමෙව්නාව භාවනා අසපුව / මාර්තු 29 – මහියංගණය නගරය හරහා පාගමනින් වැඩම කොට පූජාභූමිය වන්දනා කිරීම – නල්ලතන්නිය බලා බස් රථයෙන් වැඩම කිරීම සිරිපා කරුණා කිරීම / මාර්තු 30 – ශ්‍රී පාද පද්මය වන්දනා කොට නල්ලතන්නියට වැඩම කිරීම – බස් රථයෙන් කඳුබොඩ දෙමාලගම ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලය බලා වැඩම කිරීම – රාත‍්‍රී නවාතැන් ගැනීම – දෙමාලගම ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලය / මාර්තු 31 – බස් රථයෙන් කැළණිය පූජාභූමිය කරා වැඩම කිරීම කැළණිය පූජා භූමිය වන්දනා කොට පාගමනින් කඩුවෙල මහමෙව්නාව බෝධිඥාන අසපුව වෙත වැඩම කිරීම

තායි වන්දනා පාද යාත‍්‍රාවේ සමාප්ති උත්සවය
තායිලන්තයේ වැඩ වෙසෙන ගුණවෘද්ධ තපෝවෘද්ධ ධුතාංගධාරි පින්වත් ස්වාමින් වහන්සේලාගේත් සිල් ගුණදම් පුරනා උපාසිකා මෑණිවරුන්ගේත් උපාසක පින්වතුන්ගේත් සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උතුම් ධර්මයාත‍්‍ර‍්‍රාව දැකබලා අනුමෝදන් වන්නට ඒ ඒ ප‍්‍රදේශවල වෙසෙන පින්වත් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා.

සංවිධානය :තායිලන්තයේ වට් – තාන් – ඒන් විහාරස්ථානය සහ මහමෙව්නාව භාවනා අසපු සංචිතය
විමසීම : 071 232 8984