ඉන්දියාවේ 6 පහර වාවන්න බැරි වුන බංගලිදේශයේ ප්‍රේක්ෂකයා – සුනිල් ගවස්කාර්ගේ නාගිනා ඩාන්ස් එක මෙන්න

2885

ඊයේ රාත්‍රියේ පැවැති නිදහස් කුසලාන අවසාන මහා තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.තරගයේ අවසාන පන්දුවේ දී ඔවුන් හට ජයග්‍රහණය සඳහා ලකුණු 5ක් අවශ්‍යව තිබුණා.

මෙම තත්ත්වයත් සමග බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණයේ සිහිනයේ පසු වූ නමුත් අවසාන පන්දුවට දිනේෂ් කාර්තික් විසින් හයේ පහරක් එල්ල කළේ එම සිහින සියල්ල දියකර හරිමින්.

එම හයේ පහරත් සමග ඉන්දීය කණ්ඩායම මෙන්ම ඔවුනට සහයෝගය දෙමින් සිටි ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින් ද ජය ඝෝෂා නැගූ අතර නොසිතූ ලෙස ලද පරාජයෙන් කම්පනයට පත් වූ බංග්ලාදේශ ක්‍රීඩකයින්ගෙන් ඇතැමුන් කඳුළු සලමින් හඬා වැටෙන ආකාරය ද දක්නට ලැබුණා.

ජයග්‍රහණය පෙනෙන මානයේ සිටියදී නොසිතූ ලෙස නිදහස් කුසලාන තරගාවලිය පරාජයට පත් වීම හේතුවෙන් බංග්ලාදේශ කණ්ඩායම පමණක් නොව එරට ක්‍රිකට් ලෝලීන් ද මහත් කම්පනයකට පත් වුණා.

එයට මනා උදාහරණයක් ගෙන දෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර එහි දැක්වෙන්නේ තරගයේ අවසන් පන්දුවේ දී දිනේෂ් කාර්තික් විසින් එල්ල කරන ලද හයේ පහරත් සමගින් බංග්ලාදේශ ප්‍රේක්ෂකයෙක් ප්‍රකෝපකාරීව හැසිරෙන ආකාරයයි.

නිදහස් කුසලාන අවසාන තරගය මැද විස්තර විචාරයේ යෙදුණු සුනිල් ගවස්කාර් ද නාග නර්ථනයේ යෙදුනා.මේ සියලුම දර්ශන පහතින් නරඹන්න…