ගොසිප්

මාතර රාහුල පා ගමනට ආපු පොලොස් ජිප් එක,මිනී ඔළුවා,යකා සහ මුහුදු මංකොල්ල කාරයෝ මෙන්න

මාතර රාහුල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කල රාහුල පා ගමන 2018 විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් වන මැති, ඇමතිවරුන්, රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරීන්, ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින්, විද්‍යාලයේ ශිෂ්‍යයන්, දෙමාපියන් ඇතුළු 10000 ක් පමණ පිරිසක ගේ සහභාගීත්වය සහිතව ඉතා සාර්ථක අයුරින් පසුගිය දා පැවැත්වුවා.

මේ පා ගමන සදහා අලංකාර උඩරට – පහතරට නැ‍ටුම්, ඩීජේ සංදර්ශන රථ, පපර සංගීත කණ්ඩායම් ආදි විශේෂාංග ‍රැසක් මෙන්ම විද්‍යාලයීය ධජය ‍රැගත් පැරා මොටෝ යානාවක් ද මෙම පාගමන වර්ණවත් කිරීම සදහා එක් විය. ලොව පුරා විසිර සිටින රහල් පුතුන් එක් ‍රැස් කර විද්‍යාලයේ දියුණුව සදහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීමත් රාහුල විද්‍යාලයීය අභිමානය, ශක්තිය ලොවට පෙන්වීමත් අරමුණ කරගත් මෙම පා ගමනට විශාල පිරිසකගේ නොමද දායකත්වය හා ශක්තිය ලැබුනා.

ඒ අතර මෙවර පා ගමන සදහා එකතු වුන රථ පිලිබදව සමාජ ජාල මාධ්‍ය වල කතාබහට ලක්ව ඇත.ඒ අතරින් ටකරං තහඩු යොදා මහ ටැක්ටර් ඉංජිමක සැදු මීණී ඔලුව කාගේත් කතා බහට ලක් වුනා.ජයාරූප පහතින් නරඹන්න.