ක්‍රිඩා පුවත්

ලංකාව වෙනුවෙන් ඉන්දීය නායකයා කරපුදේට ලොව දස දෙසින් ප්‍රතිචාර

නිදහස් කුසලාන තරගාවලිය ජය ගැනීමත් සමග ඉන්දීය නායක රෝහිත් ශර්මා සිය කණ්ඩායම සමගින් ශ්‍රී ලංකා ධජය ද රැගෙන පිටිය වටා යාම අගය කරමින් ලොව වටා ක්‍රිකට් ලෝලීන් සමාජ ජාල තුළ විවිධ සටහන් තබමින් සිටිනවා.

Loading...

රෝහිත් ප්‍රමුඛ ඉන්දියානු ක්‍රීඩකයින් මෙලෙස ශ්‍රී ලංකා ධජය ඔසවාගෙන පිටිය වටා ගමන් කළේ තරගයේ ආරම්භයේ සිටම සිය කණ්ඩායම වෙත උපරිමයෙන් ජය ඝෝෂා නැගූ ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට සිය ආචාරය පුද කිරීමටයි.

ක්‍රිකට් යනු තවමත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් බවට ඉන්දීය කණ්ඩායමේ මෙම ක්‍රියාව නිදසුන් සපයන බවයි බොහෝ දෙනෙකු සඳහන් කර ඇත්තේ.

මේ අතර අද තරගය අතරතුර බංග්ලාදේශ ක්‍රීඩකයෙකු ක්‍රීඩාගාරයට යන විට ක්‍රීඩාගාරයේ ඇති වැටට වියරුවෙන් තම පාදයෙන් ප්‍රහාරයක් එල්ල කරන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල තුල සංසරණය වනවා.

මේ සියලු වීඩියෝ සහ ජයාරූප පහතින් නරඹන්න 

Loading...

https://youtu.be/oe_k4hd4Kas

මහත්වරුන්ගේ ක්‍රීඩාවේදී බංග්ලාදේශ ක්‍රීඩකයාගේ වියරු හැසිරීම පහතින් නරඹන්න 

ඉන්දියා – බංග්ලාදේශ ක්‍රිකට් තරගයෙන් පසුව ….

ඉන්දියා – බංග්ලාදේශ ක්‍රිකට් තරගයෙන් පසුව ….බංගලි හොඳ නයි නටවන්නමයි එදා විදුරු බින්දෙත් අනිවා මෙහෙමම තමයි

Posted by Address නෑ on Sunday, March 18, 2018

 

Related Posts