Oops! It appears that you have disabled your Javascript. In order for you to see this page as it is meant to appear, we ask that you please re-enable your Javascript!
Loading...

8 80,000 ගේ ෆේස්බුක් ඇතුළු පෞද්ගලික තොරතුරු අනතුරේ – මෙන්න කරන්න ඕනේ දේ

1288

අනාරක්ෂිත වි.පි.එන් භාවිතය හේතුවෙන් මෙරට ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ පුද්ගලික දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇතැයි සයිබර් ආරක්ෂණ විශේෂඥයෝ පවසති.

පසුගිය කාලය තුළ බොහෝ පිරිස් වි.පි.එන් හරහා සමාජ ජාල මාධ්‍ය භාවිත කළ බවයි සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යලංකාර පැවසුවේ.

Loading...

විදුලි සංදේශ නියාමන සභාවේ දත්ත අනුව පුද්ගලයින් 880,000ක පමණ පිරිසක් මෙලෙස වි.පි.එන් භාවිත කර තිබේ.

මෙලෙස වි.පි.එන් භාවිත කිරීම තුළින් තමන්ගේ පෞද්ගලික තොරතුරු මෙන් ම බැංකු තොරතුරු ද අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බව අසේල වෛද්‍යලංකාර පැවසුවේ ය.

තවදුරටත් පුද්ගලික දත්ත අනාරක්ෂිත වීමෙන් වැළැක්වීම සඳහා කඩිනමින් තම ජංගම දුරකතනයෙන් වි.පි.එන් APP ඉවත් කරන ලෙස ද ඔහු පෙන්වා දෙයි.

පසුගියදා මහනුවර ප‍්‍රදේශයේ පැවති තත්ත්වය සැළකිල්ලට ගනිමින් ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප් ඇතුළු සමාජජාලා වෙබ් අඩවිවලට පිවිසිම අත්හිටුවීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තීරණය කළේ ඉකුත් 07 වැනිදා සිටය.